Helabima

නිවසට වාසනාව ගේන මොණර පිහාටු

බිනරි ඇතුගල


රැගිල්ල ලොකු උනා නම් මොණරා ජාතික පක්ෂියා කරනවනේ කියලා සමහර අය කිව්වට මොණරා කියන්නේ ඇත්තෙන්ම ආධ්‍යාත්මික වටිනාකමක් තියන හරිම විශේෂ සතෙක්. මධ්‍යම පරිමාන ශරීරයකින් සමන්විත සුන්දර පක්ෂියෙක් ලෙස ඉන්න මොණරා අවධානයට යොමු වෙන්නේ උගේ පිල් කළඹ නිසා. ඉන්දියාවේ ලංකාවේ වන්දනාවට පාත්‍ර වෙන කතරගම දෙවියන්ගේ වාහනය වෙන්නේ මොණරා නිසා මොණරා වටා ඉතා විශාල කතා රාශියක් ගෙති තියනවා . ඉන් වැඩි කොටසක් ගුප්තමය ලක්ශන සහිත කතා. එවගේම දේව සභාවේ දෙවිවරුන් කිහිප දෙනෙක්ම මොණර පිහාටු දරන නිසා මොණරට වගේම උගේ පිහාටු වලටත් ආධ්‍යාත්මික වටිනාකමක් හිමියි.

ක්‍රිශ්නා දෙවියන්ගේ මව ආරක්ශාව පතා ක්‍රිශ්නාගෙ හිස මත මොණර පිහාටුවක් සවි කල කතාව දේව පුරාණයේ ඉතා ජනප්‍රිය යි. ලංකාවේ වියලි කලාපය ආශ්‍රිතව මොණරුන් ජීවත් වුවත් පරිසරයේ අසමතුලතතාව සමග මොණර ගහනය මේ වෙද්දී ලංකාව පුරාම පැතිරිලා. මොණර සංසර්ගයට සෙබඩ කැදවන්නෙ පිල් විදහා රැගීමෙන් . එක් සංසර්ග කාල සීමාවක් අවසන් උනාම මොණරුන් සිය පිල් හලා නව පිල් කළඹක් ලබාගෙන ඊලග වාරයට සූදානම් වෙනව . මේ ගුප්තමය වටිනාකම නිසාම මිනිස්සු මොණර පිල් රැස් කරනවා. මොණර පිලකින් අපිට හිතාගන්න බැරි ප්‍රයෝජන ගන්න පුලුවන් . ඔබේ අසුභ ශක්තීන් පලවා හැරලා ඔබට යහපත උදා කරන්න මොණර පිලට පුලුවන් .ඒ නිසා තමයි කෝවිල් දේවාල වල ආශිර්වාද කරන්න ත් මොණර පිල් කළඹක් යොදා ගන්නෙ.

By twenty20photos / Envato

දැන් බලමු වාසනාව ලගා කරගන්න මොණර පිල් පාවිච්චි කරන විදිය . මෙයට ඔබ තෝරා ගත යුත්තේ නොකැඩුනු සම්පූර්ණ මොණර පිහාටු. ඒවගේම මොණර පිහාටුවේ ඇස කොටස හොදින් සුන්දරව සම්පූර්ණව පවතින පිහාටුවක් විය යුතුයි . ඔබේ නිවසේ අයට වාසනාව අත ලගට ඇවිත් අහිමි වෙනව නම් , කිසිදු ප්‍රබෝධයක් දියුණුවක් සතුටක් නැතුව ජීවත ඔහේ ගලා යනව නම් නිවැසියන් අතර ආදරය සෙනෙහස අඩු නම් ප්‍රධාන දොර ඉහලින් ගනදෙවියන් ගේ පින්තූරයක් අලවා ඒ අසල මොණර පිහාටු තුන සවි කරන්න .

නිවසේ අය අතර අඬදබර සිත් රිදවීම් ඇති වෙනව නම් නිවැසියන් එක මතයක එක මගක නොයනවා නම් නිතරම ආරවුල් නම් නිවස තුල මොණර පිහාටු 2 ක් තබා ගන්න . එය තබා ස්වල්ප කලකින්ම ඔබට වෙනස අවබෝධ වනු ඇත.

නිවසේ අඹුසැමි යුවල අතර ගැටුම් අමනාප පවතී නම් ඔබ දෙපල අතර ප්‍රේමනීය භාවයේ අඩුවක් පවතින බවක් හැගේ නම් ඔබේ විවාහ මංගල්‍යයේ ඇල්බම් එක තුලට මොණර පිහාටුවක් දමන්න. එසේම ඔබේ පුද්ගලික නිදන කාමරයේ දකුණු දිශාවේ මොණර පිහාටුවක් තැබීමෙන් ඔබ අතර අඹුසැමි ප්‍රේමය වර්ධනය වනු ඇත.

By twenty20photos / Envato

මුලින් කියූ පරිදි ක්‍රිශ්න දෙවිදුන්ගේ මව් දෙවඟන ඔහුගේ හිස මත මොණර පිහාටුවක් තැන්පත් කලේ ක්‍රිශ්නාගේ ආරක්ෂාව පිණිසයි. ඒ අනුව මොණර පියාපතක් දරන ස්ථානයට ආරක්ෂාව ලැබේ. අහිතකර ශක්තීන් හදි හූනියම් සතුරු දොස් වලින් පීඩාවට පත් නොවී සිටීමේ අවස්ථාව මොණර පිහාටුවක් ඇති නිවසේ උදවිය ට හිමි වේ. ඔබේ නිවසට භාහිර අයගෙන් එන ගැටලු වලින් ඔබ ආරක්ෂා කිරීමේ ගුප්තමය බලය මොණර පියාපත සතු වේ.

අධ්‍යාපනය ලැබීමේ අපහසුතා හෝ නොසැලකිල්ල කම්මැලි කමෙන් පීඩා විදින දරුවෙකු ඔබට සිටී නම් ඔහුගේ පාසල් බෑගය තුලට මොණර පිහාටුවක් දමන්න. ඔබට අනාගතයේ එම ක්‍රියාව ගැන අනිවාර්යයෙන් සතුටු වීමට හැකියාව ලැබෙනු ඇත.

ඔබට රාහුගේ අපලයක් සහිත කෙනෙක් නම් ඔබට සහනය ගෙන් දෙන සාර්ථක ම නිවැරැදි ම හැකියාව මොණර පියාපත සතුවේ. ඔබ එය ඔබේ සාක්කුව හෝ දිනපොත තුල බහා නිරන්තරයෙන් ඔබ සමග තබා ගන්න අපල ඔබට කිට්ටු වීමට බිය වනු ඇත.

ඔබ රාජකාරි වලදී හෝ වෙන කුමක් හෝ ගැටලු වලට මැදිවී කාර්යබහුල වී මානසික සැහැල්ලුව අහිමි වුව හොත් මොණර පිලක් රැගෙන එය ඔබේ හිස මත තබා ගන්න . එය හිසේ තබාගෙන දෑස් පියාගෙන සැහැල්ලුව විදින්න. ඔබට කිසිදා නොදැනුන සැහැල්ලුවක් අත්පත් වනු ඇත.

ඔබේ නිවසට බරපතල අපල වින කිරීම් ඇතැයි ඔබට සැක නම් අවාසනාව උදාවී ඇත් නම් රාත්‍රියේදී මිදුලේ මොණර පියාපතක් තබන්න.ඔබට සියල්ලම සාර්ථක වීම ඉතා ඉක්මනින් අත් විදීමේ අවස්ථාව ලැබෙනු ඇත.

බොහෝ අය සිහිනෙන් භයානක දර්ශන දැක ඇතිවන මානසික පීඩාව නිසා දුකට පත්ව සිටිති. නින්දෙන් තිගැස්සී අවදි වී නින්ද අහිමි කරගෙන ඔබත් අසහනයට පත්ව සිටියි නම් ඔබ හිස තබන කොට්ටය යටින් මොණර පියාපතක් තබා ගන්න . ඔබව කලඹවන අසුභ සිහින එය විසින් උරා ගනු ඇත.

කිසිම දිනක මොණර පිහාටුවක් බිමට විසි කරන්න පාගන්න කඩා දමන්න විනාශ කරන්න එපා . කිසිසේත්ම එය ගින්නට දැමීම සිදු කරන්න ත් එපා . එය ක්‍රිශ්න දෙවියන්ට කරන බලවත් අගෞරවයක් . එසේම යමෙක් ඔබ නොසිතූ විටක ඔබට මොණර පියාපතක් ලබා දුන්නොත් එය අනිවාර්යයෙන් ඔබේ දියුණුවේ ආරම්භය වනු ඇත. දියුනුව ධනය වාසනාව හිමි වන පෙර නිමිත්තක් ලෙස එසේ වෙනත් අයෙක් ගෙන් ලැබෙන මොණර පිහාටු හැදින්වේ. ඉතින් ඔබට කොතනකදී හෝ මොණර පියාපතක් ලැබුණොත් එය නිවසට රැගෙන යන්න . එයට ගරු කරන්න එය ඔබට ගෙන එන වාසනාව පිලිගන්න .



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us