Helabima

හිතාගන්න බැරි සුන්දර රූපයක් ලබාගන්න විටමින් E හරි විදියට පාවිච්චි කරමු

බිනරි ඇතුගල


 

තමන්ගේ රූ සපුව ගැන සැලකිල්ලක් දක්වන ඕනෑම කාන්තාවක් විටමින් E පාවිච්චි කරනව. බොහෝවිට අමතර පෝශකයක් විදියට දිනපතාම විටමින් E කැප්සුල් එකක් බොන්න බොහෝ කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා . ඒවගේම භාහිර ආලේපයක් විදියරත් විටමින් E භාවිත කරන්න පුලුවන් . බොහෝ අය විටමින් E භාහිරව ආලේප කරන්නන් වාලෙ කරත් ඒක කරන්න ඕනි නිවැරැදි විදිය දන්නෙ නෑ . ඉතින් අපි තීරණය කරා ඔබේ සිරුරේ ඒ ඒ අවයව වලට අදාලව විටමින් E පාවිච්චි කරන්නෙ කොහොමද කියලා ඔබට කියා දෙන්න

වියලි සමට

සම වියලි වෙන්න හේතු ගණනාවක් බලපානවා. ජලය පානය අඩු වීම ඉන් මුලිකයි. ඒවගේම නිතර වායු සමනය කල වටපිටාවක රැදී ඉන්නවා නම් , ශිතල දේශගුණයක රැදී ඉන්නවා නම් සැමට නිවැරදි සත්කාර කරන්නේ නැත්නම් ඔබේ හම වේලිලා ඉරි තලන තත්වෙට පත් වෙනවා. ඉතින් එහෙම වියලි සමක් නම් ඔබට තියන්නේ ග්ලිසරින් බින්දු 5 කට විටමින් E කැප්සුලයක අඩංගු තෙල් බින්දු 3 ක් එකතු කරලා හොදින් මිශ්‍ර කරලා රාත්‍රියේදී ආලේප කරන්න . ඔබේ මුහුණේ අත් පාවල පවා මෙය ඔබට ආලේප කල හැකියි. පසුවදා ඔබ හිරු එලියට නිරාවරණය වීමට පෙර මෙය අනිවාර්යෙන් මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කල යුතුයි .

By Prostock-studio / ENVATO

අසුන්දර තොල්

පංච කල්‍යානයෙන් එකක් වන සුන්දර දෙතොල බොහෝ කාන්තාවන්ට ඇති මුලික ගැටළුවක්. දෙතොල ඔබේ මුහුණේ මුලින්ම පෙනෙන ස්තානයක් වීම නිසා තොල් වල අසුන්දර බව ඔබේ මුළු මුහුණම අදුරු කරනවා. සමබර ආහාර නොගැනීම , ජලය පානය නොකිරීම , බාල තොල් ආලේපන දුම් බිම ඔබේ තොල් අසුන්දර කරනවා . වේලිලා ඉරි තැලිලා හම ගැලවෙන දෙතොල් වෙනුවට ලා රෝස පැහැ තෙත් වූ දෙතොල් සගලක් ලබා ගන්න විටමින් E මගින් ඔබට පුළුවන් .විටමින් E කැප්සුලයේ ඇති තෙල් සමග මි පැණි මුසු කර ඔබේ තොල්වල අලේප කර තොල ඉතා මෘදුව සම්භාහනය කරන්න . මෙය රාත්‍රියේදී සිදු කර උදැසන සෝදා දැමීමෙන් එක දිනකින්ම මේ වෙනස අත් විදින්න ඔබට පුළුවන්

ඇස යට ඇති කලු

මේ වෙද්දී බොහෝ ය ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් තිර භාවිතය , නිදි වැරීම , නිවැරදි අවු කන්නාඩි භාවිත නොකිරීම ආදී හේතු නිසා කළු පැහැ ගැන්වුණු ඇස් වලින් සහ වියපත් ඇස් වලින් පිඩා විදිනවා.මුහුණක වියපත් බව පෙන්වන ප්‍රධාන ස්ථානයක් තමයි රැලි වැටුණු කලු ගැහුණු ඇස කියන්නේ . ඉතින් අපි බලමු විටමින් E වලින් මේ ගැටලුව විසදගන්න හැටි ගැන. විටමින් E කැප්සුල් එකක් අරන් එකේ තියන තෙල් තමන්ගේ වෙද ඇගිල්ලේ තවර ගන්න .ඊට පස්සේ ඇහැ වටේ හරි සියුම් විදියට ඒ තෙල් අලේප කරමින් මෘදුව පිරිමදින්න . මේකෙදි වෙද ඇගිල්ලම අනිවාරයෙන් පාවිච්චි කරන්න ඕනි. හේතුව තමයි වෙද ඇගිල්ලෙන් ඇහැට යෙදෙන පීඩනය අඩු නිසා සියුම්ව සම්භාහනය කර ගන්න පුළුවන් වීම . මෙහෙම සම්භාහනය කරලා මද උණුසුම වතුරෙන් හෝදලා ඉවත් කරන්න පුළුවන්

By Racool-Studio / ENVATO

රළු දෑත්

අත් කියන්නේ අපි අපේ ශරීරයේ වැඩියෙන්ම භාවිතාකරන වගේම වැඩියෙන්ම ගැටලුකාරී තත්ත්ව වලට මුහුණ දෙන අංගයක්. සුසිනිදු දෑත් යුවලක් කියන්නේ ඔබ ඔබේ සිරුර ගැන දක්වන සැලකිල්ලෙ තරම කියා පාන කැටපතක් . නිසි ලෙස සත්කාර කරේ නැත්තම් ඉක්මනින්ම අසුන්දර වෙන අත් වලටත් විටමින් E මගින් සත්කාර කරන්න පුළුවන් . පොල්තෙල් සහ විටමින් E සම ප්‍රමාන වලින් අරන් අත් වල තවරලා හොදින් සම්භාහනය කරන්න . ඇගිලි නියපොතු වලින් විරුද්ධ පැත්තට සම්භාහනය කරන්න .අල්ල පිටි අල්ල දෙකම මේ විදියට සම්භාහනය කරන්න ඕනි. මේවගේ විනාඩි 20 ක් විතර සම්භාහනය කරලා ලා උණු වතුරෙන් සෝදලා දාන්න . පුංචි බබෙක්ගේ වගේ සිනිදු මොළකැටි අත් දෙකක් ඔබට අනිවරෙන්ම ලබා ගන්න පුළුවන්

කුරුලෑ

කුරුලෑ කියන්නේ මුහුණක සුන්දරත්වයට තියන ලොකුම බාධා වලින් එකක් . විටමින් E කියන්නේ තෙල් ගතියක් සහිත ද්‍රාවණයක් නිසා මේක කුරුලෑ වලට භාවිත කරන්න පුළුවන් කිවම එක ඔබට පුදුමයක් වෙයි. එත් විටමින් E කියන්නේ හොද කුරුලෑ සත්කාරකයක්. මේකට අවශ්‍ය වෙනවා තේ ගහේ තෙල් . එකට කියන්නේ Tea oil කියලා . ටී ඔයිල් සහ විටමින් E සම ප්‍රමාන වලින් අරන් කුරුලෑ වල අලේප කරන්න . කුරුලෑ කැලැල් මතත් මෙය ආලේප කරන්න අවශ්‍යයි. මේක කුරුලෑ කැළැල් වලට ඉතාමත් හොද පිලියමක් . විටමින් E වල තියන ප්‍රතිඔක්සිකාරක නිසා කැළැල් මර්ධනය කරන්න හොද තල්ලුවක් ලැබෙනවා

විටමින් E කියන්නේ ආහාර වලින් වගේම පිටතිනුත් ලබාගන්න පුළුවන් මේදයේ ද්‍රාවනය වන විටමිනයක්. සාමාන්යෙන් අපේ සිරුරට දවසකර විටමින් E මිලිග්‍රෑම් 15 ක් පමණ අනිවාර්යෙන් අවශ්‍යයි . අපිට මිලිග්‍රෑම් 1000 ක් පමණ ලබා ගත්තත් ඒක ගැටලුවක් වෙන්නේ නෑ . රටකජු , කොලපාට එළවලු පලා වර්ග කැනොලා ඔයිල් මස් මලු බිත්තර අඹ කිවි වලින් අපිට විටමින් E ලබාගන්න පුළුවන් . නමුත් මේ අහාර මගින් විතරක් ප්‍රමානවත් ප්‍රමාණයක් නොලැබෙන නිසා තමයි බොහෝ අය පිටතින් විටමින් E ලබා ගන්නේ . විටමින් E වලින් සුන්දරත්වයට වඩා වැඩි ප්‍රතිලාභ අපේ සිරුරට අත් වෙනවා . පිළිකා අවධානම අවම වීම රුධිරගත සිනි මට්ටම යාමනය කිරීම වයසට යාම පාලනය වගේ ප්‍රතිලාභ රැසක් විටමින් E ලබා ගැනීමෙන් අපිට අත් කරගන්න පුළුවන් වීම ඔබට විශාල වාසියක්

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us