Helabima

චීස් ගැන කවදාවත් අහල නැති පුදුම හිතෙන කතා

මේඝනා මන්දෝදරී


මීට අවුරුදු 4000 කට විතර කලින් ජීවත්වූ මිනිසෙක් කාන්තාරයක් මැදින් , මගදි බොන්න කියලා බැටළු බොක්කක දාපු එලකිරි ටිකකුත් අරං  ගමනක් යනව . උනුසුම් කාන්තාරෙ මැදින් ගොඩාක් දුර ගිහින් වෙහෙස නිසා කිරි ටිකක් බොන්න බලද්දි  කිරි අතුරුදන් වෙලා .ඒ වෙනුවට බැටළු බොක්කේ තිබුනේ සුදුපාට කැටියක්. ඔහු මේක දිවගා බලනවා ඒ රසින් පුදුමයට පත් වෙනව . චීස් වල උපත සිදු උනේ එහෙමයි. මීට අවුරුදු 3500 කට පෙර පැරණි ඊජිප්තුවේ පවා චීස් පාවිච්චි කල බවට සාක්ශි ලැබී තියෙනව. ඇත්තෙන්ම චීස් කියන්නෙ ආහාරයට එහා ගිය සංස්කෘතියක් . දැනට මෙලොව එකිනෙකට වෙනස් චීස් වර්ග සිය ගණනක් දැකගන්න පුලුවන් . හදන අමුද්‍රව්‍ය හදන ක්‍රමේ හදාගන්න ගතවන කාලය  කිරි ගන්න සතාගෙ වර්ගය අනුව පවා චීස් නම් කෙරෙනව.

ඇත්තෙන්ම චීස් කියන්නෙ ක්ශිරපායි සතුන්ගේ කිරි ජීවානුහරණය කරලා ඒ මත බැක්ටීරියා වර්ධනය වෙන්න සලස්වා එම බැක්ටීරියා මගින් නිපදවන එන්සයිම වලින් කිරි කැටි ගස්වා ඉන්පසුව පදම්කර  ගැනීමේ ක්‍රියාවලියකින් පසු බිහිවන ආහාරයට . ස්භාවිකව බැක්ටීරියා මගින් එන්සයිම ලබා ගන්නා චීස් වර්ග වගේම කෘතිම ව පිටින්  ලබාදෙන එන්සයිම මගින් කැටි ගස්වන චීස් වර්ගත් දකින්න පුලුවන් . ඒවගේම මේ නිපදවීමේ ක්‍රියාවලියේදී එකිනෙකට වෙනස් භාහිර රස කාරකත් එක් කෙරෙනව. ලුනු ඔරිගානෝ රෝස්මරී ගම්මිරිස් මිරිස් මීපැණි වැනි දේවල් වලින් චීස් රස ගන්වනව .සමහර චීස් පදන් කරන්න පොලවේ වලදාන බවත් සදහන් .  පොදුවේ එලදෙනුන්ගෙන් ගන්නා එලකිරි ,මී දෙනුන්ගෙන් ගන්නා මීකිරි එලුකිරි  , බූරු කිරි බැටළු කිරි ඔටු කිරි ආදී කිරි වර්ග මේ සදහා භාවිත වෙනව .

ලංකාවේ අපිට නම් චීස් කිව්වම මතක් වෙන්නෙ හිනාවෙන එළදෙන ඉන්න ත්‍රිකෝන කෑලි. ඒ කියන්නෙ අපි අතර වඩාත්ම ප්‍රසිද්ධ ගත් ගමන් කන්න පුලුවන් proceed වර්ගයේ චීස් . නමුත් ලෝකේ තියන චීස් වර්ග සමහර ඒවා එහෙම නිකම්ම කන්න බෑ . ඒවා යම් පිසීමේ ක්‍රියාවලියකින් පස්සෙ තමයි ආහාරයට ගන්න හැකිවෙන්නෙ. විවිධ වර්ග වල චීස් වල රසයන් වගේම භාවිතයන් විවිධයි. ඒ නියමිත ක්‍රමේට රස බැලීමෙන් තමයි චීස් නිසි ලෙස රසවිඳින්න ලැබෙන්නෙ. ලංකාවේ සුඛෝපභෝගී ආහාර ගනයට අයත් උවත් බොහෝ රටවල චීස් දිනපතා කන සාමාන්‍ය ආහාරයක්. ජර්මනියේ පුද්ගලයෙක් වසරකට අවම වශයෙන් චීස් කිලෝ 31 ක් වත් පරිභෝජනය කරනවා .. චීස් එක්ක මූලිකවම බැදුනු ආහාරයක් ලෙස පීසා හඳුන්වන්න පුලුවන් . පැස්ටා ලසඥ්ඥා කීශ් සැන්ඩ්විච් චීස් කේක් සලාද වර්ග විවිධ පිරවුම් අතුරුපස  මෙන්ම ඇතැම් මත්පැන් වර්ග පානයේදී කටගැස්මක් ලෙසත් චීස් පාවිච්චි වෙනව .දැන් ප්‍රසිද්ධ චීස් වර්ග කිහිපයක් විමසා බලමු.

චෙඩාර් චීස්

එලකිරි වලින් නිශ්පාදනය කෙරෙන චෙඩාර් එංගලන්තයේ චෙඩාර් ගම්මානයේ උපන් චීස් වර්ගයක් . පිසීමට ලක් නොකර නිකම්ම ආහාරයට ගන්නත් හැකි චෙඩාර් සිහින්ව කපාගෙන පීසා පැස්තා ආදී බේක් කරන ආහාර වලට එක් කරනවා. මාස 3 ක් අවුරුදු එකහමාරක් අතර කාලයක් චෙඩාර් පදම් කරන්න ගතවෙන වා.

රිකොත්තා

ප්‍රංශ සම්භවයක් ඇති රිකොත්තා,  එරටේදී චීස් අතර රැජින ලෙස හැදින්වෙනවා. මීහරක් බැටළු එලු කිරි වලින් හැදෙන රිකොත්තා තද වර්ගය හා මෘදු වර්ගය ලෙස කොටස් දෙකකින් යුතුයි. මූලික වශයෙන් පිරවුම් වලට ත් චීස් කේක් හා පැස්ටා සෑදීමටත් මෙය භාවිත වේ

By mythja Envato

ස්විස් චීස්

අපි කුඩාකල සිටම කාටුන් සහ රූප වල දුටු සිදුරු සහිත කහපැහැ චීස් වර්ගය ස්විස් චීස් හෙවත් එමැන්ටල් චීස් ලෙස හැදුන්වේ . මේ වර්ගය සකස්කිරීමේදී එන්සයිම මගින් පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව රැදී මෙම සිදුරු නිර්මානය වේ.

ගවුඩා චීස්

මෙය රතු පැහැ කාද්‍ය ඉටි වර්ගයකින් ආවරණය කර එන දැඩි චීස් වර්ගයක්. නෙදර්ලන්තය මුල්බිම කරගත් ගවුඩා එලකිරෙන් නිශ්පදිතයි. එහි ගෝඩා නගරයේ උපන් බව සැලකේ. පීසා සැන්ඩ්විච් සහ බැදුම් පිරවුමක් ලෙස ගවුඩා පාවිච්චි කරන අතර එහි දුම් ගැස්වීමේ ක්‍රියාවලියේදී සුදුලුනු ලැවැන්ඩර් මීපැණි ඔරිගානෝ ආදියෙන් රස කෙරෙනවා. මාස තුනක සිට වසරක් දක්වා  කෙරෙන පදම් කිරීමක් මේ සදහා අවශ්‍ය වේ

මොසරැල්ලා

ලංකාවේ ඉතා ජනප්‍රිය චීස් වර්ගයක් සේ මොසරැල්ලා හැදින්විය හැකියි. මෙය අනිවාර්යයෙන් ආහාරයට ගැනීමට පෙර රත් කිරීමට ලක් කල යුතුයි. රත් වීමේදී මොසරැල්ලා උනුව වැගිරී   ඇදෙන ස්වරූපයක් ලබාගනී. ඒ නිසා පීසා නිශ්පාදනයේදී මොසරැල්ලා අනිවාර්යයෙන් භාවිත වේ. කුඩා වසු පැටවුන්ගේ ආමාශ බිත්ති වලින් උකහා ගන්නා rennet  එන්සයිමය බාහිරව යෙදීමෙන් මොසරැල්ලා චීස් නිශ්පාදනය කරයි.

ෆෙටා චීස්

ග්‍රීකය නිජබිම කරගත් ෆෙටා එලු හෝ බැටළු කිරි වලින් නිශ්පාදනය කරන ලුණු රස අධික තෙත් චීස් වර්ගයක්. ෆෙටා චීස් ආහාරයට ගන්නේ සලාද සමග මිශ්‍ර කරයි. එම සලාද වලට ලුණු යෙදීමක් කරන්න අවශ්‍ය නැති තරමට ෆෙටා හි ලුණු අඩංගුයි .

හැලොව්මි

අරාබි කෑම සමග වැඩි වශයෙන් පිළි ගැන්වෙන හැලොව්මි ආහාරයට ගන්නේ ග්‍රිල් කිරීමෙන් හෝ තැටියෙහි කර කිරීමෙන් අනතුරුවයි. එය තැම්බූ එළවළු සමග ඉතා උසස් රසයක් ගෙන දේ.බැටලුවාගේ කිරි වලින් හැලොව්මි නිශ්පාදනය කෙරේ

පාර්මසාන්

ලුණු රස අධික මෙම වර්ගය පැස්ටා ලසංඥා  බිස්කට් වර්ග සදහා භාවිත කරන අතර මාස ගණනාවක් පදම් කල යුතු යැයි හැදින්වේ . ඉතාලිය නිජබිම කරගත් මෙය වයින් පානයේදී ආහාරයට ගැනීම සිදුවේ.

 

By magone Envato

බ්ලූ චීස්

මෙය පෙනුමෙන් පවා අනෙක් චීස් වලට වඩා  ඉතා වෙනස් වර්ගයක් සේ දැක්වේ. මේ චීස් කැපීමේදී ඇතුලත නිල් හෝ කලුපැහැ පැල්ලම් දක්නට ලැබේ. මේ චීස් මත වැඩෙන පෙනිසිලින් පවුලට අයත් දිලීරයක් එම පැල්ලම් ඇති කරය්. ඒ නිසා මෙම චීස් දැඩි දුර්ගන්ධයකින් යුතුයි.නමුත් ඉතා ගුණවත් සහ මිලෙන් අධික වර්ගයක් ලෙස මෙය හැදින්වේ බ්ලූ චීස් පවුලට අයත් ගොර්ගොන්සෝලා චීස් වර්ගය ඉතා ජනප්‍රිය වේ. මෙය පිස ගැනීමෙන් පසු ඉතා රසවත් මෙන්ම දුර්ගන්ධයෙන් තොර වේ

ක්‍රීම් චීස්

මෙය ඉතාමත් කිරි රසින් යුත් තෙත් චීස් වර්ගයකි. තැවරුම් සදහා අතුරුපස සදහා කේක් සැන්ඩ්විච් කිරීම ඩෝනට් සැන්ඩ්විච් කිරීම සදහා භාවිත කරයි . රසවත් අතුරුපසක් වන චීස් කේක් සෑදීමට භාවිත කරන්නේද මෙම වර්ගයයි.

                         



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us