Helabima

මායාකාරියන්ගේ ලෝකයෙන් ඔබේ නිවසටත් සුවඳ හමන සිමර් පොට් එකක්

බිනරි ඇතුගල


ඔබ මේ ලිපිය කියවන මේ මොහොතේත් ලෝකය පුරා විසිරී ඉන්න  මායාකාරියන්ගේ ප්‍රියතම ක්‍රියාවක් ලෙස සිමර් පොට්  නිර්මානය කිරීම හැදින්විය හැකියි. සොභාදහම අපිට දායාද කල සුවඳ හමන ද්‍රව්‍ය එක් කර බදුනකට දමා  එය සෙමින් රත් කරමින් නැටවිමට ලක් කර එයින් නැගෙන නැවුම් වූ සුවඳින් ඔබේ නිවස පුරවාලීමට සිමර් පොට් එකට හැකියි.අප නිවසේ ඇති ඍණ ශක්තිය පලවා හරිමින් ධනය ආදරය ජයග්‍රාහණය සාමය සතුට නිරෝගී භාවය වාසනාව ආකර්ශනය කර දීමටත් සිමර් පොට් එකකට හැකියාව තිබෙනවා .

ඔබට විවිධ සුවදවල් මිශ්‍ර කරමින් දහස් ගාණක් සුවදවල් අත් හදා බලන්න මෙමගින් අවස්තාව ලැබෙනව . සිමර් පොට් එකක් ලිපේ නටන්න පටං ගත් විට  ඒ සුවඳින් නිවස පිරී ඉතිරී යනු ඇත .නිවසට ඉතා නැවුම් බවක් ලැබෙයි. .  මෙහි විශේශත්වය වන්නේ  ඔබ ළඟ තියන ඕනම  ස්භාවික සුවඳ කාරකයක් මෙයට භාවිත කරන්න හැකි වීමයි. ඒගැන කිසිම නීතියක් නෑ .ඒත් මායාකාරියන් දිගු කලක් තිස්සෙ අත් හදාබලා හොඳ ප්‍රතිපල ගත් සිමර් පොට් වට්ටෝරු කිහිපයකුත් මෙහි සදහන් .

Photo from unsplash.com

සිමර් පොට් එකට එක් කල හැකි පලතුරු ලෙස මූලික වශයෙන් සුවඳ හමන පලතුරු , ඇපල් දොඩම් ස්ට්‍රෝබරි ලෙමන් අන්නාසි  දෙහි  බෙරි වර්ග හදුන්වා දිය හැකියි. ඇතැම්විට වියලන ලද පලතුරු මෙන්ම පලතුරු පොතුද මෙයට භාවිත කෙරේ. පලතුරු භාවිත කල සිමර් පොට් එකක් කල් තබාගත නොහැක. ඒත් අනෙක් සිමර් පොට් කල් තබා ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ  කුරුදු , බේ කොල එනසාල් කරාබු නැටි රෝස්මරි තයිම් මින්ට් කොල සාදික්කා ස්ටාර් අනීස් කොත්තමල්ලි සූදුරු  කෝපි ඇට ලැවැන්ඩර් වැනිලා සාරය ආමන්ඩ් සාරය ඉඟුරු ආදී සොබාදහමේ සුවඳ කැටි වූ ඕනෑම දෙයක් ඔබට මේ වෙනුවෙන් භාවිත කල හැක.

Photo by olia danilevich from Pexels

මේ එක වර්ගයක් හෝ වර්ග කීපයක් එක් කරලා තරමක බදුනකට දාලා ඒ ද්‍රව්‍ය වැහෙන්න වතුර එක් කර වැඩි ගින්නේ රත් කරන්න . රත් කරමින් ලී හැන්දකින් අනිවාර්යයෙන් දක්ශිනාවර්ථව හෙවත් ඔරලෝසුවේ කටු කැරකෙන ක්‍රමයට රවුමට හැදි ගාන්න . මද වේලාවකින් බඳුනේ වතුර නැටීම ආරම්භ කල විට ලිප අඩු කර මද ගින්නේ පැහෙන්න ඉඩ අරින්න එය මද ගින්නේ පැහෙද්දි ඒ කියන්නෙ සිමර් වෙද්දී මුලින්ම ඔබේ මුලුතැන්ගෙය එම නැවුම් වාශ්ප වල සුවඳින් පිරී ඉතිරී යන බවත් ඉන්පසුව කෙමෙන් ඔබේ මුලු නිවසම ඒ සුවදින් පිරෙන ආකාරය ඔබට දැනෙයි

පලතුරු භාවිත කරලා කරන සිමර් පොට් එකක් එක වරක් පමනක් නැටවිය හැකී. නමුත් අනෙක් සුවඳ වර්ග සහිත බදුන් දෙතුන් දිනක් භාවිත කිරීමට ඔබට අවස්තාව හිමිවෙ.

ඔබට ඔබේ සිමර් පොට් එකේ බලය වැඩි කරන්න පුංචි උපක්‍රමයක් භාවිත කරන්න පුලුවන් . මේකට බේ කොල අවශ්‍ය යි  . බේ කොල යනු කුරුදු කොල බව ඇතැමුන් විශ්වාස කලත් එය මිත්‍යාවක්. බේ ගස සහ  කුරුදු ගස සම්පූර්ණයෙන් ම වෙනස් ගස් දෙකක් . සුපිරි වෙලදසැල් වල තුනපහ ඇති රාක්ක වලින් ඔබට බේ කොල සුලු මුදලකට ගන්න පුලුවන් .

ඔබ බේ කොලයක් අරං ඒකෙ ඔබට ලගා කරගන්න අවශ්‍ය ධනාත්මක දෙයක් ලියන්න . වාසනාව සතුට නිරෝගී බව ධනය සාමය ආදරය ප්‍රබෝධය කියලා උනත් ලියන්න පුලුවන් . ඒ කොළය ඔබ තෝරා ගත් අනෙක් ද්‍රව්‍ය සමග  බඳුන තුලට දමා එහි වාශ්පයෙන් ගෙයම පිරෙන්න ඉඩ හරින්න  .

යුරෝපයේ දී වසරේ විවිධ වකවානු වලදී ඒ ඒ කාලයට දැකිය හැකි සොභාවික ද්‍රව්‍ය වලින් සිමර් පොට් සාදනු ලැබේ  යොදන ද්‍රව්‍ය අනුපාත වෙනස් කරමින් පවා එකිනෙකට වෙනස් සිමර් පොට් සෑදීම ඇතමුන්ට විනෝදයක් ව පවතී.. ජනප්‍රිය සිමර් පොට් වට්ටෝරු වලට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපය වෙන වෙනම ඇසුරුම් කර මිලට ගැනීමේ පහසුකම් ද වෙනත් රටවල තිබේ

 

හුලව අත් හදාබැලූ ජනප්‍රිය සිමර් පොට් වට්ටෝරු කිහිපයක් පහතින් ඇත. ඔබත් එය උත්සහ කර නිවසේ අහිතකර ශක්තිය පලවාහැරීමට අවස්ථාව ලද හැක

  • ඉඟුරු , දොඩම් පොතු කුරුදු
  • කුරුදු , දොඩම් පොතු කරාඹු නැටි
  • සාදික්කා කුරුදු කරාබුනැටි
  • ඇපල් කරාබුනැටි කුරුදු
  • දොඩම් කුරුදු වැනිලා
  • බේ කොල කුරුදු වැනිලා ස්ටාර් අනීස්
  • බේකොල මින්‍ට් කොල කුරුදු
  • ඇපල් මින්ට් කොල කුරුදු

මෙබදු දස දහස් ගණනක් වට්ටෝරු ඇති අතර ඔබ පුබුදුවන සුවඳ හමු වන තෙක් විවිධ වට්ටෝරු අත් හදා බැලීම ඔබට නැවුම් අත්දැකීමක් වනු නො අනුමානය



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us