Helabima

සැහැල්ලු මනසකින් යුතුව කාලය ගත කිරීමට කැමතිද..?

සජිනි වික්‍රමසිංහ


“රිලැක්සින්” එසේ නැතිනම් “සැහැල්ලුවීම” යන වචනය නොයෙකුත් අවස්ථාවලදී භාවිතා කලත් ඇත්ත වශයෙන්ම සැහැල්ලු වීම යනුවෙන් හදුන්වන්නේ කුමක්ද යන්න පිළිබදව අදහසක් බොහෝ දෙනාතුල නැහැ..මේ මගේ " රිලැක්ස් ටයිම්" එක කියා කියුවාට ඇත්තටම ඔබ ඉන්නේ සැහැල්ලු මනසකින්ද යන්න පිළිබදවත් එසේ සැහැල්ලු වන්නේ කෙසේද කියා ඔබ නිසි දැනුවත් වීමකින් යුතුව සිටීමත් ඉතා වැදගත් වනවා.මන්ද නිරෝගි සෞඛ්‍යය සම්පන්න ජීවිතයක එක් රහසක් වන්නේ සැහැල්ලු මනසින් යුක්තව සිටීමයි. ඒ සදහා ඔබට පහත පියවරයන් අනුගමනය කල හැකියි.

සැහැල්ලු මනසක් සදහා ඔබ කල යුත්තේ කුමක්දැයි පළමුවෙන් සොයාගන්න.

බොහෝදෙනා  වීවේක කාලයේදි කුමක් කල යුතුද යන්න පිළිබදව නිසි අවබෝධයකින් යුතුව කටයූතු කරන්නේ නැහැ..බහුතරයක් තම විවේක කාලය ෆේස්බුක්,ට්විටර් වැනි සමාජ මාධ්‍ය තුළ ගත කරනවා ඇති..නමුත් පමණ ඉක්මවා ඩිජිටල් තිරයන් ඉදිරියේ කාලය ගත කිරීම මනසට දැඩි විඩාබර බවක් ගෙනදෙන අතර ඔබ බලාපොරොත්තුවන සැහැල්ලුව ඔබගේ මනසට නොලැබී යනවා.අන්තර්ජාලය තුල සැරිසැරීම, පොත් කියවීම, සංගීතයට සවන්දීම,කෑම සෑදීම හෝ ඇවිදීම,  වැනි ක්‍රම කිහිපයක් අත් හදා බලා ඔබගේ විවේකි වේලාව තුල ඇත්ත වශයෙන්ම කායිකවත් මානසිකවත් ඔබට සැහැල්ලුවක් ගෙන දෙන නිවැරදි ක්‍රමය කුමක්දැයි පළමුවෙන්ම තේරුම් ගත යුතුයි.

Women Relax on the beach(Photo from Envato Elements)

විවේක කාලය පිළිබදව අවධානය යොමු කරන්න

ඔබ රාජකාරියක හෝ අධ්‍යාපන කටයුතු එසේ නොමැති නම් නිවසේ කටයුතු, ව්‍යාපාර ආදී කුමන හෝ කාර්යයක නිරතවනවා නම් ඔබට ලැබෙන විවේක කාලය තුල විවේකීව ගතකිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කල යුතු වනවා..ඒ වගේම ඔබට අවශ්‍ය රාජකාරි කටයුතු වලින් ඈත් වීමද, එසේත් නොමැති නම් ජීවිතයට නැවුම් බවක් ලබා ගැනීමටද, නැතිනම් ඔබගේ සිතේ ඇති කණස්සල්ල අමතක කර දමා ප්‍රීතිමත්ව සිටීමට ද යන්න වටහා ගත යුතු අතර එතැන් පටන් ඔබගේ මනස සහ සිරැර සැහැල්ලුවන ක්‍රියාවක නිරත විය යුතුයි.

විවේක කාලය සදහා නිසි සැලැස්මක් සකස් කරගන්න.

ඔබ විවේකීව සිටින කාලය පිළිබද නිසි සැලැස්මක් නොමැති වුවහොත් එය කිසිම ප්‍රයෝජනයක් නොමැතිව ගත වනවා.ඔබගේ විවේකි කාලය  නිසි සැලැස්මක් සහ කාලසටහනක් අනුව ක්‍රියාකරන්නේ නම් කොපමණ වෙහෙසකාරි දිනයක් ගතකර නිවසට පැමිණියත් ඉන්පසුව ඔබ ප්‍රියකරන ඔබගේ මනස සැහැල්ලු කල හැකි ක්‍රියාවක නිරත විය හැකියි..නමුත් ඔබ ප්‍රියකරන ඔබ සැහැල්ලු වට පත්වන දේ පිළිබදව අවංක විය යුතුයි..ඔබගේ විවේක වේලාව සැලසුම් කිරීම ඔබව පාලනය කල හැකි මෙවලමක් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ..ඔබ කල යුත්තේ ඔබ සැලසුම් කල නිදහස සැහැල්ලුව ඔබ වෙත ළගාකර ගැනීම පමණයි.

සැහැල්ලුවේ සතුට සතිය පුරාම අත්විදින්න.

Photo from Envato Elements

බොහෝ දෙනා සතිය මුළුල්ලේම රාජකාරි,අධ්‍යාපන,පවුලේ කටයුතු ආදි නොයෙකුත් ක්‍රියාවන් හි නිරත වනවා..සිරැර සහ මනස විවේකයක් ඉල්ලා යම් යම් හැගවීම් සිදුකලත් සති අන්තය විවේක‍යෙන් ගත කරනා බවට දැඩි අධිෂ්ඨානයකින් යුතුව සතිය පුරා ඒකාකාරි වේගයකින් කටයුතු කරනවා..නමුත් මේ පිළිබද අදහස් ඉදිරිපත් කරන  විශේෂඥයින්ට අනුව සතිය පුරා  ඒකාකාරිව අධික වෙහෙසකින් වැඩ කිරීමට වඩා සතියෙ දිනවල ලැබෙන සුලු හෝ වේලාවක් තුල ඔබගේ මනසට යම් සැහැල්ලුවක් විවේකයක් ගැනීමට අදාල ක්‍රියාවක නිරත වීම වඩාත් සාර්ථක වන බව පැවසෙනවා.එවිට අනවශ්‍ය මානසික පීඩාවකින් තොරව සතිය පුරාම සතුටින් සිටීමට ඔබට හැකියාව ලැබෙනවා.

දෛනික  කාලසටහනට අනුව ඔබගේ මනෝභාවය සකස් කරගන්න.

ඔබ නිසි කාල සටහනක් පවත්වාගෙන යායුතු අතර ඔබගෙ වැඩ සියල්ල ලැයිස්තුවක සටහන් කර ඒ අනුව එක් එක් වේලාව සදහා  සංඥාවක් ලබා ගැනීම සුදුසුයි..එමගින් ඔබගේ රාජකාරි කටයුතුත්  පෞද්ගලික ජීවිතයත්, විවේක කාලයත් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට හැකි වනවා.

විවේක කාලය ලබා ගැනීම

අසීමිත ලෙස කාර්‍ය්බහුලවීම මත විවේක ගැනීමෙන් වැළකී සිටීම ඉතා අහිතකර තත්ත්වයක්  ඔබ දැඩිව අවබෝධ කරගත යුතු කාරණාව වන්නේ විවේකයක් ලබා  ඔබ විසින් අනිවාර්‍යෙන්ම ගත යුතු දෙයක් බවයි.එයට ඔබ නුසුදුස්සෙක් නොවේ.. සෑම පුද්ගලයකුටම විවේකයක් අත්‍යවශ්‍යයි.පර්‍යේශකයින්ට අනුව  මොළයේ සහ  ශාරිරික/මානසික ක්‍රියාකාරීත්වය සදහා විවේක කාලයක් ලබා ගැනීම අනිවාර්‍ය වනවා..

විවේකයක් ලබා ගැනීම සෑම විටම ඔබට ප්‍රයෝජනවත්

ඔබගෙ ශරීරයට,මනසට ඔබ විසින් ගන්නා විවේකය එසේත් නැතිනම් ඔබ අත්විදින සැහැල්ලුව ඊලග දිනයේ වඩාත් කාර්‍ය්ෂමව  කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලබාදෙනවා.සෑමවිටම සැහැල්ලුවෙන් සිටීමට අවශ්‍ය කාලය ලබාගත යුතුයි.

ඔබගේ අපේක්ශාවන් මුදුන්පත් කර ගැනීමට හුරු වීම .

අප ජීවත්වන පරිසරයත්, අප මුහුණපානු ලබන විවිධ සංසිද්ධීනුත් මත අන් කවර දිනකටත් වඩා ඔබ, ඔබ පිළිබදව සැලකිලිමත් විය යුතු වනවා..විශේෂ‍යෙන් දිනකට වරක් සැහැල්ලුවෙන් කාලය ගතකරනවා වෙනුවට ඔබ හැකි සෑම විටම ආතතියෙන් මිදී, ශාරිරික සෞඛ්‍යය නිසි පරිදි පවත්වාගෙන යාමත්, ව්‍යායාමයන්හි නිරත වීමත් , මනස සැහැල්ලු කර විඩාව දුරලන යම් යම් ක්‍රියාවන් හි නිරතවීමත් කලයුතුයි..ඔබගේ ශාරිරික සහ මානසික සුවය වඩාත් වැදගත් බැවින්  ආතතිය වළක්වා ගැනිමට නිරන්තරව උත්සාහ කළ යුතුයි.

Photo from Envato Elements

උදව් ලබාගන්න

ඔබගේ මනස දැඩි ලෙස පීඩාකාරී නම්, නිතර නිතර ඔබ කනස්සල්ලෙන් සිටිනවා නම්,  එසේත් නොමැති නම් ඔබ සතුටට පත්වන වන කිසිවක් සොයා ගැනීමට නොහැකි නම් ඔබ මනෝ වෛද්‍ය උපදේශකවරයකු හමුවීය යුතුයි..  ඔවුන් ලබාදෙන වෘත්තියමය උපදෙස් මත ඔබට නැවතත් ඔබව සොයා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබටම කාරුණික වන්න

අපගේ ජීවිතයේ ඇතැම් දිනයන් තිබෙනවා සෑම දෙයක් කෙරෙහිම සෘණාත්මක ආකල්පයක් ඇතිවන එසේ නොමැතිනම් නොසන්සුන්කාරී, කනස්සල්ලෙන් ගතවන දිනයන් .එය ඔබට පමණක් නොවේ සෑම දෙනෙකුටම පොදු තත්ත්වයක්. ඔබ කළ යුතු වන්නේ ඔබ කෙරෙහි කාරුණික වීමයි.. ඔබ පෙළන අසහනකාරී හැඟීම් මගහරවා ගැනීම සඳහා  කළ හැකි සුළු හෝ 

ක්‍රියාවක නිරත වීමයි.. සැහැල්ලුවට පත් වන දෙයක් කිරීම මගින් නැවතත් යථා තත්වයට පත් වීමට ඔබට හැකියාව ලැබෙනවා..



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us