Logo
2020 ඔක්තෝම්බර් මස 20 වැනි අඟහරුවාදා

සිංහරාජය දෙබෑ කරන ලංකාගම පාර - ඇත්ත, බොරු සහ මිත්‍යාව

මතීෂ චාමර අමරසේකර


සිංහාරජය මැදින් ඉදිවෙනවායැයි කියන මාර්ගය ගැන වැසි වනාන්තරයක් තියා කූඩැල්ලෙක් දැක නැති අලුතින්ම බිහි වූ බුකි පරිසර ඔස්තාර්ලාගෙ විවිධ සටහන් බලා ඉඳ බැරිම තැන මෙය ලියන්න සිතුවෙමි. ඒකිනෙකා තමන්ගේ සිතේ මවාගත් චිත්ත රූප අනුව විවිධ විසඳුම් දෙමින් සිටී‍. ඒ් අතර ඇතැමුන් මෙම මාර්ගය සිංහරාජය මැදින් වනය දෙබෑ කරමින් යන මාර්ගයක් ලෙස හඳුන්වන අතර ඇතැමුන් මෙම මාර්ගය තනිකර කනු මතින් යායුතු යැයි සිතති. ඒසේ පවසමින් ඇමසන් වනාන්නතරයට විශාල හානියක් සිදුකල Trans-Amazonian Highway ඒකේ කොටසක ඡායාරූපයක් පෙන්වති‍. ලංකාගම පුද්ගලයන් මෙම ස්තානයෙන් ඉවත්කොට වෙනම ස්ථානයක පදිංචි කල යුතුයැයි ඇතමුන් පවසද්දී තව සමහරක් කොළඹ තියෙන තමන්ගෙ ඉඩම ලංකාගම ඉඩම සමග හුවමාරු කරන ලෙස ඉල්ලමින් සිටී‍‍‍. ඒ් අතර ආණ්ඩුවද ඊට නොදැවනි ලෙස විහිළු සපයමින් සිටී‍‍. ලංකාගමට යන ජනාධිපතිවරයා ප්‍රාථමික පන්තියේ පාසල් සිසුන්ගෙන් පාරක් ඔ්නැදැයි අසයි‍. ඔවුන් ඔව් කියූ පසු ආ ඒහෙනම් පාරක් දෙන්නම් යැයි පවසයි. ජනාධිපතිවරයා කල යුතුව තිබුනේ ඒය නොවේ. ඒමෙන්ම මෙවැනි සටහන් තැබීම අප වගකීමක් නොවන අතර ජනතාවට නිවැරදි තොරතුරු විනිවිද භාවයකින් යුතුව සන්නිවේදනය කිරීම ආණඩුයේ වගකීමකි.

ඒ් කෙසේ වෙතත් ඉහත මනෝවිකාර නිසා පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයින් මතුකල සැබෑ ප්‍රශ්නය සහ සැබෑ ඉල්ලීම් යට ගොස් ඉහත සදහන් අමන අදහස් උඩට විත් ඇත‍. අඩුම තරමේ පරිසර වේදීන් ඉල්ලන්නේ කුමක්ද කියාවත් සමාජයට නිවැරදිව ගොස් නැත‍‍‍‍‍‍. පරිසරවේදීන් කල ඉල්ලීම් වලින් මාධය වලින් පෙන්වන ලද්දේ යෝෂිතගේ හෝටලය ගැන කතා කල කොටස පමණි. පරිසර වේදීන් මේ ගම මෙතනින් ඉවත් කිරීම හෝ පාර නොසදා සිටීම වැනි අමන ඉල්ලීම් ඉල්ලන්නෙ නැත.

මේ මාර්ගය යන්නෙ සිංහරාජය දෙබෑ කරමින්ද?

නෙළුව සිට වාරුකන්දෙණිය හරහා ලංකාගමට යන මාර්ගයේ සිංහරාජය රක්ෂිතය මැදින් වැටී ඇත්තේ ඒහි 1‍.1 කිමී පමනී‍. ඒම අදාළ සිතියම මෙහි අමුණා ඇති පිංතූරයේ ඇත‍. මෙම කිමි 1.1 තුල කිසිම මාර්ග සංවර්ධනයක් හෝ මාර්ගය පළල් කිරීමක් සිදුනොවන බව මහා මාර්ග අමාත්‍යංශය පවසයි‍. ඒනම් සිංහරාජ ලෝක උරුම රක්ෂිතය තුල කිසිම ඉදිකිරීමක් සිදු නොවේ. ඒහෙනම් මෙහි ඇති ප්‍රශ්නය කුමක්ද? මෙයත් විල්පත්තුව විනාශ කල ආකාරයත් සමාන කමක් තිබේ. බදුර්දීන් පැවසුවේ විල්පත්තු අභය භූමිය විනාශ නොකල බවයි. නමුත් ඒ් වටා වනාන්තරය ඔහු විනාශ කලේය. මෙහිදීත් සිංහරාජ රක්ෂිතය තුල මාර්ගය ඉදිකිරීම සිදු නොවුනත් ඒ් අවට පරිවාර පරිසර පද්ධති සහ පුද්ගලික ඉඩම් හරහා මේ මාර්ගය ගමන් කරයි. ඒම පරිවාර වනාන්තර කොටස් වල (සිංහරාජයට අයිති නොවන) ඒ්ක දේශිය මෙන්ම ලංකාවට ආවේණික සත්ත්ව ශාක විශේෂ පවතින බව සොයාගෙන ඇති අතර යම් හෙයකින් මෙම පාර ඉදිකිරීම නිසා ඔවුන් වඳ වී ගියහොත් ඔවුන් මිහිතලයෙන්ම වඳ වී යාමට ඉඩ ඇත. මාර්ගය ඉදිකිරීමට පෙර පරිසර ඇගයීමක් කල යුතු වන්නේ ඒබැවිනි. ඒවිට ඔවුන් සුරකීමට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට හෝ වෙනත් විකල්ප මාර්ගයක් සංවර්ධනය කිරීම තීරණය කල හැකිය.

ඊට අමතරව මෙම මාර්ගය ගමන් කරන්නේ ගිං ගඟේ ඉවුර දිගේය. ගඟක දෙපැත්ත සාමාන්‍යයෙන් රක්ෂිත ප්‍රදේශයක් වන අතර පාරෙන් කපන පස් ගඟට වැටීමේ අවධානම ඇත. පාරේ ඒක පසක කන්දක්ද අනෙත් පසින් බෑවුමත් සමඟ ගිං ගඟය‍. ජනාධිපතිවරයා දැල් හෝ ගොනි ගසා තණකොළ වවන්නටයැයි යැයි හමුදාවට උපදෙස් දුන්නේ මෙ‌ම සෝදා පාළුව නවත්වන්නටය. ඒය භූ ගර්භ විද්‍යාව ගැන දැනීමක් නැති හමුදාවකට පමණක් කල හැකිදැයි යන්න ප්‍රශ්නයකි.

මේ සඳහා EIA වාර්තාවක් සිදුකිරීම නීත්‍යානුකූලව අවශ්‍යද?

ගැසට් අංක 772/22 of 24.06.1993 ජාතික පාරිසරික පනතට (පහල අංක 1 න් දක්වා ඇත) අනුව ජාතික වන උරුම භූමි පනත (National Heritage Wilderness Act No. 3 of 1988) (පහල අංක 2) මගින් වෙන්කොට ඇති ප්‍රදේශයක සිට මීටර 100ක් ඇතුලත ප්‍රේරන කලාපයේ (Buffer Zone) ඉදිකිරීමක් හෝ ව්‍යාපෘතියක් සිදු කරන්නේ නම් ඒ් සදහා Environmental Impact Assessment (පාරිසරික ඇගයීම්) අධ්‍යයනයක් කල යුතුය. ඒනම් සිංහරාජ රක්ෂිතයෙන් පිටත වුනත් ප්‍රේරණ කලාපය තුල පාර සංවර්ධනය කරන්නෙ නම් අනිවාර්යෙන්ම පාරිසරික ඇගයීමක් කළ යුතුය. සිතියම් අංක 1 සහ 2 මගින් අදාල මාර්ග කොටස දක්වා ඇත.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින මඟහැර ඇත්තේ මෙයයි. නීතයෙන් නියම නොවුනත් මෙම ප්‍රදේශයේ වැදගත් කම සලකා මුළු මාර්ගයම අළලා පාරිසරික ඇගයීමක් කළ යුතුව තිබුනි. EIA යනු ඒ් කෙෂ්ත්‍රයන්ට අදාල විශේෂඥයින් (Ecology, Biodiversity, Hydrology, Engineering, Sociology, Geology) විසින් අධ්‍යනයක් කොට මෙහි පාරක් හැදුවොත් සිදුවන පාරිසරික බලපෑම සහ ඒය අවම කිරීමට කළ යුතු යෝජනා ඉදිරිපත් කිරීමකි. ඒමෙන්ම මෙම කලාපයේ ඒ්ක දේශීය සත්ත්ව සහ ශාක විශේෂ ඇතිනම් ඒය සොයා බැලීමද මෙමගින් සිදුවෙයි. ඒහිදී පොදු ජනයාගේ අදහස් ගන්නා අතර පරිසරවේදීන්ට කරුණු දැක්වීමට අවස්ථාව හිමිවෙයි.

ලංකාගම මිනිසුන් කැලේ විනාශ කලාද? ඔවුන් වෙන තැනක පදිංචි කිරීමෙන් වනාන්තරය රැක ගත හැකිද?

බොහෝ දෙනෙක් මේ මිනිසුන් කැළයෙන් ඉවත්කොට වෙන තැනක පදිංචි කිරීමෙන් වනය සංරක්ෂනය කල හැකි බව සිතයි. ඒය ඉතා අමන ලෝකයේ කිසි තැනක සිදු නොකරන ක්‍රියා දාමයකි. ඒවැනි දේ යෝජනා කිරීමම අපරාධයකි‍. ලෝකයේ මේ වනවිට ඉඩම් වලින් හතරෙන් ඒකක් පාලනය කරනු ලබන්නේ ආදිවාසි සහ වනාන්තර තුල ජීවත් වන ජනයා විසිනි. ඒනම් ජෛව විවිධත්වයෙන් 80%ක් බලා ගන්නෙ ඔවුන් විසිනි. ලෝකයේ මිලියන 200 ක් ජනතාව වනාන්තර තුල ජීවත්වන අතර බිලියන 1‍‍.6 ක ජනතාවක් වනාන්තර මත යැපෙමින් ඔවුන්ගේ ජීවිකාව සරිකර ගනිති‍. මේ ජනතාව වනාන්තර විනාශ කරන්නෙ නැත‍. වනාන්තර විනාශ කරනු ලබන්නෙ පිටස්තරයින්ය.

ලංකාගම මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නෙ තේ දළු සහ ඒනසාල් ය. ඔවුන්ට ඔවුන්ගේම කුඩා තේවතු ඇති අතර ඒනසාල් නෙලා ගන්නේ වනාන්තරයෙන්ය. ඊට අමතරව non timber forest products වන පැණි, හකුරු වැනි නිශ්පාදනද ඔවුන්ගේ ජීවනෝපාය වෙයි‍. බොහෝ දෙනා මේ මිනිස්සුන් මස් වැද්දන් සහ ගස් කපන්නන් ලෙස හදුන්වා තිබූ අතර ඒය සම්පූර්ණ වැරදිය‍. පළමුවෙන්ම මොවුන් කාලයත් සමග වන විනාශයක් සිදුකලාද යන්න බැලීමට හොදම ක්‍රමයි අදාල සිතියම් බැලීමයි. පහත දක්වා ඇත්තේ 1988 ඒනම් සිංහරාජය ලෝක උරුමයක් කල දිනයේ සිට විවිධ වරෂ වලදී (2001‍,2007,2011,2014,2020) ලංකාගම චන්ද්‍රිකා ඡායාරූපයි‍. වන විනාශයක් සිදුවී ඇතිනම් ඒය මෙහි සටහන් විය යුතුය. සිංහරාජය ලෝක උරුමයක් වන විටත් මේ ගම මේ විදියටම තිබී ඇත.

තේදළු ටිකක් කඩා ඇලේ දොලේ පැන නා තමන්ගේ ඥාතීන් සමග විවේකීව නිදහසේ සරල දිවි පෙවතක් ගෙවන මේ මිනිසුන් ඇතැමුන් පවසන පරිදි තට්ටු නිවාස වල හෝ ඉඩම් දෙන්න ඉදිරිපත් වී ඇති මිනිසුන්ගේ කොළඹ පිහිටි ඉඩම් වලට පැමිනේවිද? සෑම මිනිසාම තමන් මෙන් මුදල් සහ භෞතික සම්පත් පමණක් පදනම් කොට ජීවත්වෙන බව සිතන මිනිසුන්ට නම් ඒවැනි යෝජනා කළ හැකිය. ජීවිතේට මේ මිනිහෙක් සමග කතා කොට නැති ඒ් ජීවිතයක් ගැන අල්පමාත්‍ර හැගීමක් නැති පොළවේ පය නොගහන මිනිසුන් ඒ්කරන යෝජනාව ඉතාම පහත් යෝජනාවකි. ඒසේ තම උපන් බිම් දමා යාමට ඔවුන් කල වරද කුමක්ද? ඔවුන්ට මානව හිමිකම්, අයිතීන් නැද්ද? ඒපමණක් නොව carbon footprint අර්ථයෙන් ගත් කල මිනිසුන් නගර වලට සංක්‍රමණය වීමේන් ගෝලීය උෂණත්වය වැඩවීමට සිදුවන බලපෑම වනාන්තර ආශ්‍රිතව සරල ජීවිත ගත කිරීමෙන් වන බලපෑමට වඩා වැඩිය. ඒක් උදාහරනයක් ගන්නේ නම් ලංකාගම ස්වාභාවික උල්පත්වලින් වතුර බොන පුද්ගලයාට නගරයේදී නල ජලය බීමට සිදුවෙයි. ඒවිට ඔහුගේ carbon footprint ඉබේම වැඩියෙි. මෙය වෙනම කතා කල යුතු මාතෘකාවකි. ඒමෙන්ම ඇතැමුන්ට මෙම මිනිසුන් මෙතනින් ඉවත් කොට සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීමේ අවශ්‍යතාවයද තිබෙනවා විය හැක.

මෙසේ ඉඩම් දීමට කරුණාව පහල වී ඇති අයට ඉඩම් පරිත්‍යාග කොට වනාන්තරය රැක ගැනීමට අවශ්‍ය වූයේ නම් ඒ සදහා හොදම අවස්තාව උදාවී තිබුනේ විලපත්තු වනාන්තරය කපා නැවත පදිංචි කරන අවස්ථාවේය. ලංකාගම පාර සංවර්ධනය කිරීමක් මිස වන විනාශයක්(deforestation) සිදුවන්නේ නැත. ඒසේ වූවා නම් විල්පත්තුවේ කිසිම පහසුකමක් නැතිව පදිංචි වුන මිනිසුන් කොළඹ පිහිට මේ පරිත්‍යාගශීල්න්ගේ ඉඩම් වලට ඉතා කැමැත්තෙන් පැමිනෙනු ඇත. ඔවුන් තවමත් ප්‍රමාද නැත. දැන් වුනත් ඒ් මීනිසුන්ට මේ පුද්ගලයන්ගේ ඉඩම් ලබා දී විල්පත්තුවේ නැවත වනාන්තරය ඇති කල හැකිය. ඔවුන් ලංකාගම වැසියන් මෙන් නොව කොහොමත් අවතැන් වූවන් නිසා කොළඹ නගරයට කිට්ටුව ඉඩමකට බෙහෙවින් කැමති වනු ඇත.

පරිසරවේදීන් ඇත්තටම ඉල්ලන්නෙ කුමක්ද? ආණ්ඩුව කල යුත්තෙ කුමක්ද?

පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයින් ඉහත සඳහන් කළ මෝඩ යෝජනා ඉල්ලන්නේ නැත. ඔවුන් මේ පාර සැදීමට විරුද්ධ නොමැති අතර ලංකාගම වැසියන් වෙන තැනක පදිංචි කරන්න වැනි විහිළු ඉල්ලීම් කරන්නේද නැත. නමුත් මේ පාර ඉදිකිරීමට පෙර කල යුතු කොන්දේසි කිහිපයක් ඔවුන් යෝජනා කරයි. උදාහරණයක් ලෙස නයනක රන්වැල්ල සහ සජීව චාමිකර විසින් කරන ලද සම්මුඛ සාකච්ඡා දෙකක වීඩයෝ පහත දක්වා ඇත. මොවුන් මෙහිදී ඉල්ලන ප්‍රධාන කරුණු 4ක් ඇත. අවාසනාවකට සමාජ මාධ්‍ය තුල මේ සිදුවීම අලලා දේශපාලනය කරන්නට යාමෙන් ඔව්න්ගේ හඩ යටපත්වී ගොබ්බයන්ගෙ හඬ ඉස්මතුවී ඇත‍.

1. 2019 වසරේ ජනාධිපති සිරිසේන විසින් සිංහරාජ පරිවාරක වනාන්තර සිංහරාජයට ඒක් කරමින් අත්සන් කරන ලද ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම

2. 2004 වසරේ කැබිනනට් තීරණයක් අනුව වනාන්තර ලෙස ගැසට් කරන ලද LRC ඉඩම් සිංහරාජයට ඈඳීම

3. මෙම ප්‍රදේශයේ වන සංරක්ෂණ බීට්ටු සහ අඩවි වන නිළධාරී කාර්යාල පිහිටුවීම

4. මෙම මාර්ගය ඉදිකිරීමට පෙර පාරිසරික ඇගයීමක් සිදුකොට(Environmental Impact Assessment) ඒ් අනුව මාර්ගය ඉදි කිරීම

පුද්ගලිකව මාද මේ කරුණු හතරට ඒකඟ අතර රජය විසින් නොපමාව සිදුකල යුත්තේ මෙම ක්‍රියාවලියයි. ඒමගින් මෙම මාර්ගය දෙපස ඇති වන භුමි විනාශ කිරීම සහ නීති විරෝධී අල්ලා ගැනීම මෙන්ම වන විනාශයද නවතිනු ඇත. ඒසේ සිංහරාජයට ඒකතු කර ගැසට් කිරීම තුලින් ජාත්‍යන්තර නීති වලින්ද ඒම වනාන්තර ආරක්ෂා කිරීමට රජය වගකීමකට ඇතුළු වෙයි.

ලෝකයේ විවිධ මට්ටමින් පරිසරය ගැන සිතන ඒය විවිධ අයුරින් දකින පුද්ගලයින් සිටිය හැකිය. නමුත් ඉහත දක්වා ඇත්‌තේ මෙහි විද්‍යාත්මක පදනමයි.

 

 

1. http://www.cea.lk/web/images/pdf/eiaregulations/reg772-22.pdf

2. http://extwprlegs1.fao.org/docs/pdf/srl28858.pdf

3. https://www.youtube.com/watch?v=H0KpwgR_08o

4.https://www.facebook.com/SriLankaTogether/videos/794043718022266

5. http://www.cea.lk/web/index.php/en/environmental-impact-assessment-eia-procedure-in-sri-lanka





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'