Logo
2020 ජූලි මස 15 වැනි බදාදා

තිස්ස නමැති අනුවණ ගුරුතුමා වෙත ලියමි

ඉසුරු ප්‍රසංග


ඔබෙන් උගත් ශිෂ්‍යයෙකු ලෙස ඔබට අනුවණයෙක් ලෙස ඇමතීමට සිදුවීම ගැන පළමුව සමාව ඉල්ලා සිටිමි. මගේ සරසවි සිහිනය සැබෑ කළ තීරණාත්මක ගුරුවරුන් අතලොස්ස අතර ඔබ ඉහළින්ම සිටියද ඒ කාලයේ පවා මට ඔබ පෙනුණේ අනුවණයෙකු වශයෙනි. ඒ දිනවල ඔබ සමාජ දේශපාලන කාරණා ගැන දැන් තරම් අදහස් පළ නොකළද, එය මා කසිකබල් මාක්ස්වාදයේ කරවටක් ගිලී සිටි කාලයක් වූ බැවින් මට එදවස සියල්ල පෙනුණේ ඒ දර්ශනයේ ඉදිකටු සිදුර තුළිනි. එකල මා වටා බහුලව සිටියේ විප්ලවය නොකර විභාග ලිවීම පවා අපරාධයක් ලෙස සලකන පිරිසකි. එහෙත් අද තත්ත්වය වෙනස්ය. ලෝකයේ බොහෝ දේවල් ඇත්තේ ලෝකය පිළිබඳ එදා මා දුටු සීමාවට එහායින් බව වැටහෙන විට අද ඒ දේවල් දරුවන්ට කියාදෙන ඔබ ගැන මම සැබවින්ම ආඩම්බර වන්නෙමි. මට ඉගැන්වූ ගුරුවරු අතර කිසිදා ඔබ වැන්නෙකු සිටිනු ඇතැයි මා නොසිතුවේ අපේ බොහෝ ගුරුවරු විෂය ඉගැන්වීම කෙසේ වෙතත් චින්තනය අතින් එතරම් දැවැන්තයන් නොවූ නිසාය.

එහෙත් අද මා ඔබේ අනුවණකම ගැන කියන්නේ වෙනත් හේතුවක් නිසාය. ඒසා බුද්ධිමය ධාරිතාවක් තිබූ ඔබ තමන්ට තරම් නොවන අය හා පැටලීමේ කලාව නොදැන සිටීම කනගාටුවට කරුණකි. අසුචි තවරාගත් ඌරෙකු සිංහයෙකුට සටනකට අභියෝග කරන විට සිංහයා පළමුව කළ යුතු හොඳම දේ වන්නේ එය මඟහැර යාමය. මඟ හැර යා නොහැකි තරමට ඇඟටම ඒ නම් පමණක් අසූචි දුගඳ මොහොතකට අමතක කර වැටෙන්නම පහර දීමය. එහෙත් මේ දෙකම නොකර සාමකාමීව පසෙකට වී... ඔබ දක්ෂ ඌරෙකි... ඔබට මම ගරු කරමි... වැනි කතා කීම බරපතළ අනුවණකමක් නොවේද? ශිෂ්ට මිනිසුන්ට පිළිතුරු දීමේ ක්‍රමය එය වුවත් ප්‍රභාකරන් වැනි නිවට බියගුල්ලෙකු වීරයෙක් කොට සලකන සමාජ වෛරයේ හීනමාන රෝගයෙන් පෙළෙන්නන්ට පිළිතුරු ලබාදිය යුතු ක්‍රමය එය නොවේ.

ඔවුන්ට ඇත්තේ ඔබ සමග ඇති වෛරයක් නොව ඔබගේ චින්තනය සමග ඇති වෛරයකි. සිය මව සමග ගුද සංසර්ගයේ යෙදීමේ නිදහස පවා අගයන ඊනියා රැඩිකල් මජරයන් වෙනුවට මව් උරින් ගෙන පිහිනන බෝසත් පුතුන්ගේ ගුණ අගයන මහා සංස්කෘතිය සමඟ ඇති වෛරයකි. මේ රට ගුද සංසර්ග මජරයන්ගේ තිප්පලක් බවට පත් කිරීමට වෙර දැරූවන්ගේ පාර්ලිමේන්තු සිහින ඇතුළු සියලු පැතුම් සුන් කළ අවිය ඇත්තේ ජාතිකත්වය තුළ බව ඔවුහු හොඳාකාරවම දනිති. මේ නිසාම ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් ඔවුන්ට වහකඳුරු වීම පුදුමයක් නොවේ.

තමන් නොදන්නා බව නොදන්නා අයෙකුට ඒ බව තේරුම් කරදීම කළ හැක්කකි. එහෙත් වඳවී යන සත්ත්ව කොට්ඨාසයක් බඳු ඊනියා හේතුවාදීන්ට එය තේරුම් කිරීම කිසිදා කළ නොහැක්කකි. ඒ ගුද සංසර්ග ව්‍යාපෘතියේම කොටසක් වන හේතුවාදය තරම් බලවත් නොදන්නාකමක් ලෝකයේ තවත් තිබිය නොහැකි නිසාය. එවැනි පුද්ගලයෙකු සිංහල හා ජීව විද්‍යාව අතර වෙනස නොදැන සිටීම පුදුමයක් නොවේ. සුමනදාස වැනි මෝඩයෙකු හමුවේ ආරම්භක විද්‍යාවේ තර්කවලින් වැඩකිඩ පෙන්නා වීරයෙකු වී සිටින අයෙකුට රටේ වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බිහිකළ ජීව විද්‍යා ගුරුවරයාට අභියෝග කරන්නට සිතක් පහළ වීම ඔහුගේ ළමාකමේ ප්‍රතිඵලයකි. නමුත් වරද ඇත්තේ හාස්‍යයෙන් බැහැර කළ යුතු කිරි සිහිනයක් ඔබ ඉතා බැරෑරැම් එකක් ලෙස භාරගෙන ඊට ගෞරවයෙන් ප්‍රතිචාර දක්වන්නට යාමය. ඔබ බොහෝ වැදගත් දේ දන්නා අයෙකු වුවද ඔබට පහරදෙන කඳවුරේ ස්වභාවය, ඊට හේතු හා සාහිත්‍ය වේශයෙන් පෙනී සිටින සහරාන්ලාගේ ලෝකය ගැන ඔබට එතරම් අවබෝධයක් නැති බවට ඔබේ දිගු පිළිතුරු ලිපිය දෙස් දෙයි. ඒ පිළිබඳ ගැඹුරින් සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් මේ වචන කිහිපය අවසාන කරමි.
 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'