Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

නිරාගමික බිමල් රත්නායකලාගේ මුස්ලිම් භක්තිය

ඉසුරු ප්‍රසංග


ලංකාවේ මුස්ලිම්වරුන්ට ගෞරවනීය ආරක්ෂිත ජීවිතයක් නැතැයි බිමල් රත්නායක පවසයි. නමුත්...

> රක්ෂිත වනාන්තර එළි කර නිවාස තැනීමට ඇති නිදහස

> තමන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශ අරාබිකරණය කිරීමේ නිදහස

> රටේ පොදු නීති කඩ කිරීමේ නිදහස

> උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇති පන්සල්, බෞද්ධ පුරාවස්තු විනාශ කිරීමේ නිදහස

> පිරිවෙන් මෙන් දෙගුණයක් මද්‍රාසා පාසල් රටේ පවත්වාගෙන යාමේ නිදහස

> ළමා විවාහ සිදු කිරීමේ නිදහස

> බහු විවාහ මගින් එක ගෙදර දරුවන් විස්ස තිහ බෝ කිරීමේ නිදහස

> ස්ත්‍රීන් වඳ කිරීමේ නිදහස

> රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ගෝනි ඇඳුම් ඇඳීමේ නිදහස

> හැම ආණ්ඩුවකින්ම කප්පම් ගනිමින් ලොකුම ඇමති තනතුරු දැරීමේ නිදහස

> ෂරියා විශ්ව විද්‍යාල ඉදිකිරීමේ නිදහස

> සෞදියෙන් කටාරයෙන් මුදල් පොම්ප කරගැනීමට ඇති නිදහස

> බෝම්බකරුවන්ට විප්ලවවාදී පක්ෂවල ජාතික ලැයිස්තුවලට ඇතුළත් වීමේ නිදහස

> චෝදනා ලද ඇමතිවරුන්ට කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව නිදොස් වීමේ නිදහස

> සිංහලයා ගැන ජාත්‍යන්තරයට පච කීමේ නිදහස

මේ සියලු දේ ඕනෑවටත් වඩා හොඳින් ඔවුන්ට ලැබී ඇත. එසේ නම් බිමල් රත්නායකට තව මදි වී ඇත්තේ මොන ගෞරවය දැයි හරියටම පැහැදිලි නැත.

මුස්ලිම් ජනයාගේ අයිතීන් පමණක් නොව මුස්ලිම් අන්තවාදීන්ට සිතූ පරිදි යකා නැටීමේ නිදහස පවා ලංකාව තුළ ඕනෑ තරම් ඇත. රටේ යම් යම් අවස්ථාවල මුස්ලිම් විරෝධී ඝෝෂාවන් මතු වූයේ මේ නරුම අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසාය.

බිමල් රත්නායකලා පත් කළ යහපාලන රජය ඒ අන්තවාදීන්ගේ නිදහස, ගෞරවය ඕනෑවටත් වඩා හොඳින් තහවුරු කළේය.

එසේ තිබියදී අද මුස්ලිම් ජනයාට ගෞරවනීය ජීවිතයක් නැතැයි කියන්නේ මෙතෙක් කල් මේ රටේ මුස්ලිම් අන්තවාදය ගැන වචනයක් කතා නොකළ, අන්තවාදයක් නැතැයි කියමින් ඒ අන්තවාදය ආරක්ෂා කළ කසිකබල් වමේ පක්ෂයකි.

බෝම්බ තිබ්බේ ගෝඨාභය වැනි කතා ප්‍රසිද්ධියේ කියමින් සීයට තුනට ඇද වැටුණු පක්ෂයකි.

මෙවැනි කතා කෝටියක් කියූවද මුස්ලිම් ජනයා කිසිදා ජවිපෙට ඡන්දය දෙන්නේ නැත. ඡන්ද ගැනීමටද ඔවුන්ට එතරම් අවශ්‍යතාවක් නැත. බිමල් ලා මේ අමතන්නේ මුස්ලිම් ඡන්දවලට නොව ලංකාවේ සුළු ජාතීන්ට නිදහස නැතැයි කියන වෙනත් මගෝඩිස්ලාගේ කඳවුරක් වෙතය.

දිනෙන් දින අනාථභාවයට යන සියලු වාමාංශික මගෝඩිස්ලාගේ අවසාන නවාතැන සුළු ජාතික ජාතිවාදය පමණි.

ඉසුරු ප්‍රසංග





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'