Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

අභ්‍යාවකාශ තාක්ෂණය භාවිතයෙන් නියඟයට අස්වැසිල්ලක්



ආසියා හා පැසිපික් කළාපීය රටවල අනාගතයේ ඇතිවිය හැකි නියගයන් අභ්‍යාවකාශ තාක්ෂණය භාවිතයෙන් පූර්ව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවේ. නියගය හේතුවෙන් කෘෂිකර්මාන්තයට වන හානිය අවම කිරීමට එමගින් හැකි වෙතැයි ආතර් සී ක්ලාක් ආයතනයේ විශ්වාසයි.

එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසම කොළඹ දී රැස් වූ අවස්ථාවේ මේ බව හෙලි කෙරුණු අතර විදෙස් තාක්ෂණ විශේෂඥයෝ පනහකට අධික පිරිසක් මීට සහභාගී විය.තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක මෙම පහසුකම් යොදා ගැනීම මගින් සැලසෙන වාසි කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

අභ්‍යාවකාශ තාක්ෂණය භාවිතයෙන් යොදා ගැනීමේ පස් අවුරුදු සැලසුමක් ක්‍රියාත්මක වන අතර නවීන තාක්ෂණ පිළිබද ආතර් සී ක්ලාක් ආයතනය ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ආයතනය ලෙස ක්‍රියා කරයි. කාම්බෝජය, මියන්මාරය, නේපාලය යන රටවල ද මෙම ව්‍යාපෘතිය මුල් වටයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'