Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

කෙහෙළියගේ දුව ජගත් සංවිධානයේ පස්වන කමිටුවේ උපසභාපති ධූරයට



නිවියෝක්හි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිත කාර්යාලයේ දෙවන ලේකම් චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය ජගත් සංවිධානයේ පස්වන කමිටුවේ උප සභාපති ධූරයට පත්කර ඇත.

ආසියා ශාන්තිකර ප්‍රදේශයේ පස්වන කමිටුව නියෝජන කරන ඇය ජගත් සංවිධානයේ 69 වන සමුළුව සඳහා පස්වන කමිටුවේ උප සභාපති ධූරයට ඇය පත්කර ඇත්තේ ඒකමතිකවය.

එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරයේ සියලුම පරිපාලන හා අයවැය සම්බන්ධ කටයුතුවල දී උපදෙස් දීම සිදුකෙරෙන්නේ පස්වැනි කමිටුව මඟිනි.

මීට පෙර ශ්‍රී ලාංකිකයකු මෙම තනතුර දරා ඇත්තේ 1958 දී වන අතර එතෙක් එදා සිට මේ දක්වා මෙම තනතුරට කිසිදු ශ්‍රී ලාංකිකයකු පත්ව නොමැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'