ජලය මිශ්‍රිත ඩිසල් හමුවෙයි .. ජනතාව කැළඹෙයි
ගෙලිඔය ඉන්ධන හලට පැමිණිඩිසල් බවුසරය පරික්ෂා කිරිමේදි එහි ජලය මිශ්‍රිත බව තහවුරු වී ඇති අතර ඉන්ධන ලබාගැනිමට පැමිණි පිරිස එහිදී කලහකාරී තත්වයක් නිර්මාණය කළහ . පේරාදෙනිය පොලිසිය මැදිහත් වි එම ඉන්ධන තොගය පැණිදෙණිය ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ මධ්‍යම ප්‍රාදේශිය කාර්යාලය වෙත යැවු අතර එම කාර්යාලයේ ගබඩා අධිකාරි අතුල හේරත් මහතා පැවසුයේ තෙල් බවුසර් වල මෙවන් තත්වයක් ඇතිවිම සාමාන්‍ය බවයි . ඉන්ධන හල ඉන්ධන තොගය භාර ගැනීමට කැමැත්ත පලකලත් ජනතාව දැක්වු විරෝධය මත නැවතඑය හරවා යැවිණි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.