ජනාධිපතිගේ අප්‍රසාදය අඩපණ වීමට හේතුව
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය බව එම්.ඒ සුමන්තිරන් තමා හමුවී පැවසූ බව කී අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ජනපති තනතුරෙන් ඉවත් කරන්නට නොව අප්‍රසාදය පළ කිරීම සඳහා බවත් ඉන්පසුව ජනපතිට බලයේ සිටිය හැකි බවත් සුමන්තිරන් තමා සමඟ පැවසූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. කලහකාරී සිද්ධි නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මිය යාම, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට අඟහරුවාදා කාලය වෙන්කර තිබෙන බැවින් ඊට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීම ගැන ඊට පසුව විවාද කිරීමට වෙලාව තිබෙන බවත් එහිදී තමා සුමන්තිරන්ට පැවසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.