සිරිපා වන්දනා සමය නිම වෙයි
2021-2022 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (16) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය .ශ්‍රී පාද උඩමළුවේදී අද පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඬුල්ල රාජමහා විහාරස්ථානය වැඩම කරවා නිල වශයෙන් මෙවර වන්දනා වාරය අවසන් කරනු ඇත . යුද හමුදා භට පිරිස්වල සහයෝගය ඇතිව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත්, නල්ලතන්නිය බගවන්තලාව බළන්ගොඩ මාර්ගය ඔස්සේත් නල්ලතන්නිය ලක්ෂපාන කළුගල යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර මාර්ගය ඔස්සේත් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කෙරෙනු ඇත . මෙම වසරේ උඳුවප් පුන් පොහෝ දිනය දක්වා එම ආභරණ එහි තැන්පත් කෙරෙනු ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.