Helabima

මධ්‍යම අධිවේගයට දැඩි ඉල්ලුමක්





මධ්‍යම අධිවේගි මාර්ගයේ ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත් කර පළමු දින 3 තුළ ගමන් කර ඇති වාහන 50,000ක් ගමන් කරමින් එමගින් රුපියල් ලක්ෂ 100කට අධික ආදායමක් උපයා ගෙන තිබේ.

පසුගිය සෙනසුරාදා (15) මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දුන් අතර පසුගිය ඉරිදා (16) දහවල් 12.00න් පසු අධිවේගි මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ විය. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා (17) මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039ක් මේ ද ගතවූ දින 3 තුළ ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව වේ. එමඟින් රු. 4,865,500.00ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේය.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us