තෙල් තියෙන්නේ තව දින 10කට
ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10කට (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇති බව පාඨලී චම්පික මහතා පවසයි.
මේ ගැන අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය. ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල් සංස්ථාව කියයි.
තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි යනුවෙන් ඔහු පවසයි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.