ශ්‍රීලනිපයේ අර්බුදය ගැන මහින්ද කතා කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ශ්රීලනිපය පවසයි.
එවැනි කිසිදු අර්බුදයක් පක්ෂය තුළ නොමැති බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා මෙන්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සංවිධායකයන්, ගමේ සාමාජිකයන් සියලු දෙනා එක මතයක එකට සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේය.
මේ වන විට පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සාර්ථකව සිදුවන බවත්, ඇතැම් පක්ෂවලට, ඇතැම් දේශපාලනඥයන්ට අද ගමට ගොස් ගමේ ජනතාවට හමුවීමට හැකියාවක් නොමැති වුවද ශ්‍රීලනිපයට එවැනි ගැටලුවක් නොමැති බව ද කිවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.