බාල පොහොරවලට රට වටේ බෙදමින් කෝටි 46ක් වැඩිපුරත් ගෙවලා
සමාගම් එකොළහක් ආනයනය කළ භාවිතයට නුසුදුසු පොහොර තොගයක් වෙනුවෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පසුගිය රජය සමයේ දී (2020) වංචනික ලෙස මුදල් ගෙවීමෙන් රජයට රුපියල් කෝටි එකසිය හතකට වැඩි මුදලක් පාඩු සිදුවී ඇත.\
ජාතික විගණන කාර්යාලයේ වාර්තාවට අනුව සඳහන් වන්නේ සමාගම් 11 ක් (ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලැබූ ලිපි ගොනු 26 කට අදාළව) අවස්ථා 34 කදී ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 15,415 ක්ද එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 4611ක්ද යූරියා මෙට්‍රික් ටොන් 1036ක්ද එස්.ඒ මෙට්‍රික් ටොන් 783ක්ද එන්.පී.කේ. පොහොර මෙට්‍රික් ටොන් 150ක්ද එස්. ඊ.එස් පොහොර මෙට්‍රික් ටොන් 270ක්ද ආනයනය කර ඇති බවය. නියැදී පරීක්ෂණ වාර්තා ලිපිගොනුවලින් ඉවත් කර ව්‍යාජ රසායනාගාර වාර්තා සකස් කර එම භාවිතයට නුසුදුසු පොහොර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.