පොහොර කොම්පැනි සල්ලි බෙදලා
කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටි ඇති බව ගොවි සංවිධාන නියෝජිතවරු පවසති.
ඔවුන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. එම හමුවට දිස්ත්‍රික් 25ම නියෝජනය කරමින් ගොවි නියෝජිතවරු එකතු වී ඇත. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද මහ කන්නයේ වී අස්වැන්නෙන් සියයට 40 -50 ත් අතර ප්‍රමාණයක් අඩු විය හැකි බව මෙහිදී පෙන්වා දෙමින්ඔ වගා හානි පිළිබඳ ඇස්තමේන්තු කර වන්දි දෙන ලෙස ද ඇමැතිවරයාගෙන් ඔවුන් ඉල්ලා ඇත.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.