ගෙවුණු දෙවසර විපක්ෂයේ විවේචකයින්ට භාර දී ආණ්ඩුව අනාගතය භාරගනී
කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
අගමැතිවරයා මෙසේ ද පැවසුවේය. “කොවිඩ් අවස්ථාවේ සියලු වැඩ නවත්වා ඉදිරියට යන්න බෑ. දැවැන්ත අභියෝග තියෙද්දීත් සංවර්ධනය ගැන හිතන්නේ ඒකයි. අපිට මේ රට ගැන විශාල බලාපොරොත්තුවක් තියෙනවා.
නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් වෙන්නේ ඉදිරි වසර තුනයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නෙවෙයි අනාගතයයි අපි භාරගන්න ඕනේ. ගෙවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ.
ඒක ආපහු අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි. අපි මුහුණ දී තියෙන තත්ත්වය කටුකබව පිළිගන්න ඕනෑ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන අගාධය මේ වරායට වඩා ගැඹුරුයි. ඒක හංගන්න ඕන නෑ.”
Copyright © 2014-2022 Helabima. All rights Reserved.