සතුන් විසින් කා දැමූ බිලිඳු සිරුරක්
සතුන් විසින් අතපය කා දමා තිබූ බිලිඳු සිරුරක් රක්වාන පොතුපිටිය රඹුක මාර්ගයේ තිබී සොයා ගෙන ඇත. ග්රාම නිලධාරීට ලැබුණු තොරතුරකට අනුව මේ ගැන සොයා බලා පොලිසියට දැනුම් දී ඇත. පොලිසිය පවසන්නේ සතුන් විසින් බිලිඳු සිරුරේ කොටස් කා දමා ඇති බවයි. බිලිඳා ගේ වයස ගැන නිශ්චිතව පැවසිය නොහැකි බවත් මේ ගැන පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.