ශ්‍රීලංකන් ලාභ උපයයි
පසුගිය සමයේ දිගින් දිගටම පාඩු ලබමින් භාණ්ඩාගාරයට දැවැන්ත බරක් වූ ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇත. ඒ අනුව 2021 වසරේ දෙසැම්බර් මස ඩොලර් මිලියන 9.25ක සමාගම් ලාභයක් ද ඩොලර් මිලියන 10.66ක සමූහ ලාභයක් ද ශ්‍රීලංකන් උපයා තිබේ. 2020 වසරේ මෙම කාලය සමග සසඳන විට එය 200%ක පමණ වර්ධනයක් වන අතර කොවිඩ් වසංගත තත්ත්වයට පෙර කාලය හා සසඳන විට එය 80%ක පමණ වර්ධනයකි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.