ලංකාවට ණය ගෙවීම් සඳහා සහනයක් දෙන්නැයි ජනපති චීනයෙන් ඉල්ලයි
කොවිඩ් වසංගතය හමුවේ රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය ශ්‍රී ලංකාවට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යීට පෙන්වා දී තිබේ.
නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර ඇති බවත් ඒ අනුව ජෛව බුබුලක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා චීන විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම චීනයෙන් සිදු කරන ආනයනවල දී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වා ගෙන යෑමට එය ඉවහල් වනු ඇතැයි ද දෙරට අතර මිතුදම ආවර්ජනය කළ චීන විදේශ ඇමැතිවරයා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන අතර සමීප මිත්‍රයකු ලෙස චීනයේ සහාය සෑම විට ම ලබාදෙන බව ද පැවසීය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.