චීන ඇමැති පිළිගන්න නාමල් යයි
චීන විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගුවන්තොටුපොළට ගොස් ඇත. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් නොගොස් ක්‍රීඩා අමාත්‍යවරයා ගියේ චීනය හා පුද්ගලික මට්ටමින් සිදුවන ගනුදෙනු නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසුවේය.
චීනය වැනි විශාල රටක නායකයන් වරින් වර ලංකාව වැනි කුඩා රටකට පැමිණීම පිළිබඳව ද බරපතළ ප්‍රශ්නයක් ඇති බවත් මේ සියල්ල සිදු වන්නේ රටට ආදරයකින් නොව රටේ සම්පත් කොල්ලකෑමට බව ඔහු සඳහන් කළේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.