ඡන්දෙ ඉලක්ක කරගෙන පාස්කු ප්‍රහාරයට ඉඩදුන්නා - කදිනල්තුමා
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයට එකතු වෙමින් මෙසේ පැවසුවේය.
“දැන් අපට එන්න එන්නම පැහැදිලි වෙනවා මෙතන මතුපිටින් මේගොල්ලෝ පෙන්නන්න හදනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙන බව. නාලක ද සිල්වා කියන නියෝජ්‍ය පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගන්න කටයුතු කළේ ඔහු ඊට දවස් කීපයකට කලින් සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ලබාගෙන තියෙද්දි. මේ තියෙන්නෙ ඒ වරෙන්තුව.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තියෙනවා ‘යම්කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයින් විසින් වසර අගභාගයේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට තුළ බියක් හා අවිනිශ්චිතතාවක් සහ කැළඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන, ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේද යන්න සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතු යැයි ද කාරකසභාව නිරීක්ෂණය කරයි’ කියලා.
මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මේක සූදානම් කරපු බව ඇත්ත. නමුත් ඒකෙ තොරතුරු දැන දැනත් වසන් කරමින් ඡන්දය ඉලක්ක කරගෙන, ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා මේ ප්‍රහාරය සිදුවෙන්නට ඉඩදුන්නායි කියන තත්ත්වය තමයි මෙතනින් පැහැදිලිව පේන්නෙ.
එනිසා මේ ප්‍රහාරයේ 60%ක වගකීම තියෙන්නෙ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින් අතේ. මෙහෙ පාලන තන්ත්රයේ ඉන්න අය මේක යටගහන්නම තමයි බලන්නේ. මේවා විමර්ශනයකින් එළියට ගන්න මේගොල්ලො කැමති නෑ. මේ දේශපාලන නායකයින් රටේ නීතියෙහි ආධිපත්‍යය පුපුරුවා හැර තිබෙනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙකුට තමන් ආරක්ෂිතයි කියා හෝ යුක්තිය ඉටුවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මේ ක්‍රමයේදී. මොකද, සමස්ත ක්රමයම දූෂිත වෙලා තියෙන්නෙ.”
Copyright © 2014-2022 Helabima. All rights Reserved.