ඖෂධ හිඟය බොරුවක් - චීනයෙන් ඉන්දියාවෙන් ඕන තරම් ගේනවා
රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ජනතාවගෙන් විශේෂ ඉල්ලයි.
රටට අවශ්‍ය ඖෂධ චීනයෙන් හා ඉන්දියාවෙන් ණය පහසුකම් යටතේ ගෙන එන හෙයින් ඖෂධ ගෙන්වීමට ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද අවශ්‍ය තරම් ඖෂධ ලබා දෙන බවට ඉන්දියාව සහ චීන රජයන් සහතික වී ඇති බවද ඔහු පැවසුවේය.
ඖෂධ හිඟයක් ඇති වේ යැයි යන බියෙන් සමහරුන් මාස හය හතකට කාලයකට ඖෂධ නිවෙස්වල ගබඩා කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස කටයුතු කිරීමෙන් ඖෂධ කෘතිමව හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් චන්න ජයසුමන කීවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.