සිරිසේන පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින දක්ෂයෙක්
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන යනු පිටිපස්සේ සිට පිහියෙන් අනින චරිතයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි පවසයි.
”වර්තමාන පාලනය රට තුළ නිර්මාණය වීමට එක් කාරණයක් තමයි ජාතිවාදය, අන්තවාදය, බෝම්බ පිපිරීම යන සැකය. එයම පමණක් නොවෙයි මේ ආණ්ඩුව නිර්මාණය වෙන්න ප්රධාන වෙච්ච හේතුව තමයි මෛත්රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලන ගමනේ දිගුව නිර්මාණය කිරීම සඳහා රාජපක්ෂවරුත් එක්ක ඩීල් එකක් දැම්මා.
ඒ ඩීල් එකේ ප්රතිඵලය තමයි අද වර්තමානයේ ක්රියාත්මක වුණේ. මෛත්රීපාල මහත්තයා තමයි මහින්ද මහත්තයා හොඳයි කියල අගමැති කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කල්ලිය ඇමති මණ්ඩලයට පත්කළේ. ලැජ්ජා නැතුව දැන් කියනවා අපේ කට තියෙනවා සැරයි කියල. සැර තිබුණා නම් කට තිබුණා නම් කොරන්න තිබුණානේ. එහෙම කළා නම් අද මහින්ද මහත්තයලා, බැසිල් මහත්තයලා මේ රට හොර කයිද?”යනුවෙන් මන්ත්රීවරයා තව දුරටත් ප්රශ්න කරයි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.