උවිඳුගෙන් රටේ පාලනයට විකල්ප දෙකක්
පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්රී මණ්ඩලය සහ පහළ මන්ත්රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්රියාත්මක කරන බවත් මේ රටේ පාර්ලිමේන්තු ක්රමය තම පාලනයක් යටතේ සම්පූර්ණයෙන් වෙනස් කිරීම්ට අදහස් කරන බව ද රෝහණ විජේවීරගේ පුත්රයා වන දෙවන පරපුර නිර්මාර්තෘ උවිදු විජේවීර පවසයි.
මේවන විට මසක කාලයකට උවිඳු විජේවීර ලංකාවට පැමිණ සිටින අතරේ ඔහුගේ දේශපාලන ගමන තහවුරු කරමින් රට පුරා ජනතාව දැනුවත් කරමින් සිටි. වැඩි දුරටත් ඔහු මෙසේද පැවසුවේය. මෙරට පාර්ලිමේන්තු ක්රමය ද්විත්ව පාර්ලිමේන්තු ක්රමයක් රට තුළ ක්රියාත්මක විය යුතුයි. රටේ උගතුන් බුද්ධිමතුන් රාජ්ය සේවය අවසන් කොට විශ්රාම යද්දී එම පිරිස් පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත්කරනවා.
මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම වෙනම කොටසක් වෙනවා. එම කොටස් කුමන තීන්දු තීරණ පාර්ලිමේන්තුව තුළ ලබා ගත්තත් ඉහළ සිටින බුද්ධි මණ්ඩලය අනුමත කළ යුතුයි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.