සුසිල්ගේ ඉරණම තමන්ටත් අත්වේ යැයි මෛත්‍රී භියෙන්
සුසිල් ප්‍රේමජයන්ත ද පොලේ ගොස් ස්වීප් එකක් ගත්විට පැය 24කින් ඇදුණු බවත් එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අය වත්මන් ආණ්ඩුවේ තත්ත්වය පිළිබඳ සත්‍යය පෙන්වා දෙන විට තමන්ට දොස් පවරන බවත් රට වටේ ගොස් එන විට අපෙත් ස්වීප් එක ඇදෙයිද නොදන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (07) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් පැවසුවේය.
වර්තමානය බණ්ඩාරනායක මැතිනියගේ කාලය වගේ යැයි කියමින් ඇගේ ආර්ථික වැඩපිළිවෙළට අදත් දොස් කියන අය සිටින නමුත් එතුමිය ගොවියන්ගෙන් හෝ නිවෙස්වල ගෑස් ලිප පත්තු කරන්න යන කාන්තාවන්ගෙන් කුණුහරුප ඇසුවේ නැති බව ද ඔහු පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.