අප්පච්චී මම අම්මව හොදින් බලාගන්නම්
ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් ටෙලිනාට්‍යය ඔස්සේ සහ වේදිකා නාට්‍යය ඔස්සේ රසික ආදරය බොහෝ දිනාගත් ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහුගේ ආදරණීය බිරිද ද කවුරුත් දන්නා හඳුණන ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි ද එවන්ම දක්ෂ කලකාරිනියකි. ඔවුන්ගේ පුතු මංජිත තෙන්නකෝන් මේ වන විට දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල හිරු නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන රැල්ල වෙරලට ආදරෙයි නාට්‍යයේ ඇමති පුතාගේ චරිතයට පණදෙන මංජිත අද දවසේ ආදරය දිනා ගත් චරිතයක්.
ඉතින් තම පියාගේ අභාවය ගැන මංජිත මෙලෙස සංවේදී සටහනක් තබා තිබිණි.
“අප්පච්චී මම අම්මව හොදින් බලාගන්නම්..සුභ ගමන්..”
සම්පත් තෙන්නකෝන් මහතාගේ පුතු මේ විදියට තැබූ සංවේදී සටහනට යටින් තවත් බොහෝ දෙනා විවිධාකාර සංවේදී සටහන් තබා තිබු අයුරු දැක ගැනීමට හැකිවිය. නන්දා මාලනී, බිමල් ජයකොඩි වැනි තවත් අපේ රටේ කළා ක්‍රේෂ්ත්‍රයේ සිටිනා බොහෝ දැවැන්ත චරිත බොහොමයක් ඇවිත් තිබුනා අපිට දැක බලාගන්නට ලැබුනා. මේ විදියට අපි අතුරින් ස’මු ග’ත් සම්පත් තෙන්නකෝන් මහතාට නිවන් සුව ලැබේවා කියා අපිත් පාර්ථනා කරමු! යනුවෙන් සටහන් තබා තිබිණි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.