SBගෙ ගෑස් එකත් ලීක්. ආපහු රිටර්න් කරලා
සිය නිවසට පසුගියදා ගෙනා ලිට්රෝ ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් සිදුව ඇති බවත් ඒ ගැන ලිට්රෝ සමාගමේ සභාපතිවරයාගෙන් විමසූ බවත් එහිදී සබන් පෙණ ආවට ප්‍රශ්නයක් නොවන හෙයින් එය භාවිත කරන ලෙස ඔහු පැවසූ බවත් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි.
එහෙත් අවදානමක් ගැනීමට බිරිද මෙන්ම නිවසේ සෙසු අය ද අකමැති වීම නිසා එම ගෑස් සිලින්ඩරය නැවත භාර දීමට කටයුතු කළ බව ද මන්ත්‍රීවවරයා පැවසුවේය.
ඒ අනුව වෙළෙඳපොළේ පවතින ලිට්රෝ ගෑස් සිලින්ඩර නැවත ලබාගෙන සෑම සිලින්ඩරයක්ම පරීක්ෂා කිරීම යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.