සජිත් ජනපති කර දූෂිතයින්ට දැඩි දඬුවම් දෙන බවට මරික්කාර් නිලධාරීන්ට අනතුරු අඟවලා
වර්තමාන රජය, රාජ්‍ය ආයතන හරහා දූෂිත ආකාරයෙන් ගනුදෙනු ගණනාවක් සිදුකරමින් සිටින අතර ඉදිරියේ දී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමඟි ජන බලවේගයේ රජයක් යටතේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
"වර්තමාන රජය මේ වන විට ඉතා ම දූෂිත ආකාරයෙන් ගනුදෙනු ගණනාවක් මේ ආයතනය හරහා කරගෙන යනවා. මේ නිලධාරීන්ට අපි කියන්නේ ආණ්ඩු පෙරළියක් අත ළඟ තියෙන්නේ. ඒ නිසා වැරදි වැඩවලට අනුබල දෙන්න එපා.ආධාර උපකාර දෙන්න එපා. ඒවාට හවුල් වෙන්න එපා. මොකද ඊළඟට පිහිටුවන රජයට ඩීල් නැති සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන සමඟි ජන බලවේග රජය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන රජයක් කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ.”
Copyright © 2014-2022 Helabima. All rights Reserved.