ලංකාවේ පළමු ඔමික්‍රොන් කොරෝනා රෝගියා නිරෝධායනයෙන් පැන ගිහින්
මාරවිල මහවැව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් මෙරට ප්‍රථම ඔමික්‍රොන් රෝගියා ලෙසින් හදුනා ගැනුණු අතර ඇය 32 වියැති ඇගේ සැමියා සමග නයිජීරියාවට ගොස් ඉකුත් 24 වෙනිදා ලංකාවට පැමිණ කටුනායක ගුවන්තොටුපොල පරීශ්‍රයේදී රැපිඩ් පරික්ෂාවට ලක්වී එහිදී ආසාධිත බව හදුනාගන ඇත
අප්‍රිකානු රටක සිට පැමිණිමස හ්ජෙතුවෙන් ඔවුන්ගේ සාම්පල ඔමික්‍රොන් පරික්ෂාව සදහා ජාන විශ්ලේෂණ පරික්ෂාවට යොමු කර කාන්තාව පානදුර ලුනාවේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇත
යොමු කළ දිනයේ පමනක එහි රැදී සිටි එම කාන්තාව තමාට වැඩ ඇති බවත් එහි රැඳී සිටීම තේරුමක් නැති බවත් පවසා බලහත්කාරයෙන් නිවස් නිරෝධායනයට පිටත්ව ගොස ඇත . ඇයට ඔමික්‍රොන් බව තහවුරු වූ පසු පානදුර ලුනාවේ මාධ්‍යස්ථානයේ නැති බව දැනගත් බලධාරීන් ඇයගේ නිවසට ගිය අවස්ථාවේ ඇය මාරවිල තල්විල සමෘද්ධි මාවතේ නිවසේ නිවසේද සිට නැත . මාරවිල සමනල මාවතේ වෙනත් නිවසකදී ඇය සොයාගන ඇති අතර එම කාන්තාව නිරෝධායනයට ලක්වන බව ප්‍රදේශය භාර මහජන පරීක්ෂකවරයා හෝ අසල්වාසීන වත් දන සිට නැත
නයිජීරියාවේ ක්‍රිස්තියානි හා ව්‍යාපාරික සමුළුවකට සහභාගි වීමට යන බව පවසා එම පෝරම සම්පුර්ණ කර ඇත්තේ ඉංග්‍රීසි කථිකාචාරිනියක ලෙස හදුන්වා වුවත් ඇය ඔන්ලයින් ඉංග්‍රීසි ටියුෂන් ලබාදෙන තැනැත්තියක බව අනාවරණය වී ඇත
මෙම කාන්තාව කොවිඩ් මර්ධන එන්නත් ලබාගන නොමැති බවත් අනාවරණය වී ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.