පාර්ලිමේන්තු ලිෆ්ට් එකේ සිරවුණු මන්ත්‍රී දෙපළට වුන වැඩේ
ඉඳුනිල් සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු දෙදෙනා ඊයේ (03) සවස විදුලි සෝපානයේ විනාඩි පහළවක පමණ කාලයක් සිර වී සිට ඇත. පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ දී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල කතාවට බාධා සිදුකළ කරමින් මත ගැටුමක් ද සිදුවිය. ඔවුන් දෙදෙනා සභා ගැබෙන් නික්ම යද්දී මෙලෙස සෝපානයේ දී සිර වී ඇත.
එම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගැබේ සිට බිම් මහළට පැමිණීමට සෝපානයෙන් ගමන් කරද්දී හදිසියේම විදුලි සෝපානය නතරවීම නිසා මෙලෙස සිරවී තිබේ. කෙසේවෙතත් සුව පාර්ලිමේන්තු කාර්මිකයන් පැමිණ ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව බිම් මහළට රැගෙන ගොස් ඇති බව පැවසේ.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.