Helabima

ශ්‍රිලනිප පළමු අඩිය තබයි. පොහොට්ටුව පරදා පෙරට





මිල්ලනිය සමුපකාර සංගමයට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට සභාපති, උප සභාපති, ධූරයන් ද ඇතුළුව අධ්‍යක්ෂක මණ්ඩල ධූර හතරක් ද ජයග්‍රහණය කර තිබේ.

මිල්ලනිය සමුපකාර සංගම් නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයේදී එම ප්‍රදේශය නියෝජනය කරන පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නියෝජිතයන් දෙපිරිසක් අතර ඇතිවූ තරගයකින් එම කණ්ඩායමට ජය ගත හැකි වී ඇත්තේ අධ්‍යක්ෂක දුර තුනක් පමණක් බව ශ්‍රීලනිප දිස්ත්‍රික් නායක සුමිත් ලාල් මෙන්ඩිස් පවසයි.
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us