ජනාධිපති ගැන අගමැති අවුලෙන් - ඉදිරියේදී පරාජය නියත බව පොහොට්ටු මන්ත්‍රී පවසයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දේශපාලන බලයක් නොලැබෙන ආකාරයේ සැලසුම්ගතව ආකෘතියක් තුළ ඔහු සිර කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස චෝදනා කරයි.
ජනාධිපතිතුමාට එතනින් ඈත් කර වෙනම තැනක සිර කර ඇත්තේ සැලසුම්කරුවන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික මාවතක ගමන් කරවීමට බවද ඔහු පවසයි. අගමැතිතුමන් පොහොට්ටු සමුළුවේ දී ඉතාම වේදනාවෙන් කතා කළේ, මෙම තත්ත්වය දැකීමෙන් බව ද පවතින තත්ත්වය තවමත් නිවැරදි වී නැතැයි පවසන ඔහු, මෙහෙම ගියොත් මෙය කෙළවන්නේ පරාජයකින් බවත් සඳහන් කළේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.