Helabima

මෛත්‍රී ගේ දෙබිඩි පිලිවත යලිත් හෙළිවේ





තමා සමඟ පෞද්ගලිකව කතා බහ කල අවස්තාවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක්  තැනීමේ ව්‍යාපෘතියක් ඇරඹිය යුතු යයි පවසා  ඊයේ (20) අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන්  හමුවට ගොස් මංතීරුවක් ඉදිකිරීම කිසිම ආකාරයෙන් සිදු නොකළ යුතු දෙයක් බව පවසා ඇති බව  රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි 

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ - 

"ගොවි ජනතාව විදියට මම සම්බන්ධවෙලා බලපුවාම ගොඩාක් අය එකඟයි ඒක කළ යුතුයි කියලා. හිටපු ජනාධිපතිතුමා කථා කරපු විදියෙන් මම නිකන් භීතියට පත්වුණා. අපේ හාමුදුරුවනේ මම විදේශයේ ඉදලා එතුමාට කථා කළාම කිව්වේ මේක හොඳ වැඩක් ඔබතුමා සද්භාවයෙන් ගත්ත කාරණයක් පොළොන්නරුවට මෙවැනි කටයුතු වියයුතුයි කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වේ අපේ හාමුදුරුවනේ."

පුජ්‍ය වේඩරුවේ උපාලි නාහිමි - 

"ඇවිදින මංතිරු කියන කතාවට වඩා අපිට ප්‍රයෝජනයවත් වෙන්නේ බාහිර වශයෙන් මේක අලංකාරවීම. මම කැමති සෙළොස්මස්ථානයේ ගල් විහාරයත්, පොතුගුල් වෙහෙරත් අතර තියෙන නිසා මේ වැව ක්‍රමානුකූලව පිළියෙල කිරීම තුළ රටවල්වලින් අපේ රටින් ද එන අයට නිදහසේ ඒ අවස්ථාව ලබාදීමට මේ පරිසරය සකස් කිරීමේ අපි දකින්නේ නෑ මේක එහෙම භයානක කාරණයක් කියලා."




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us