Helabima

ජනපති ගෙන් දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්





එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 සැසි වාරයට සහභාගී වනු පිණිස ඇමෙරිකාව බ;ලා ගොස් සිටින ජනපති  ගොටාභය රාජපක්ෂ මහතා  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස් සමග පවතී සාකච්චාවක් අතරතුර 
අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ ගැටලු විසඳා ගැනීමට ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරනවා යනුවෙන් පවසා ඇත 

එහිදී මහලේකම් ගුතරෙස් ඇමතු ජනපති  පවසා ඇත්තේ  අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගෙන  මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බවත් එක්සත් ජාතීන් සමග එක්ව සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන බවත් ය 

මේ පිළිඹදව ට්විටර් සටහනක් තැබූ ජනපති සටහන් කර ඇත්තේ 
සෞභාග්‍ය සම්පන්න අනාගතයක් කරා යා හැකි එකම මාර්ගය වශයෙන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව හවුලේ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් සමග පලදායී සාකච්ඡාවක් පැවත්වුවෙමි. එමෙන්ම, කෝවිඩ්19 වසංගතය හමුවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සහ බාධාවකින් තොරව අධ්‍යාපන ක්‍රියාදාමය සහතික කිරීම ගැනත් සාකච්ඡා කළෙමු යනුවෙනි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us