Helabima

 අද ( 21)  පාර්ලිමේන්තුවේ මොකද වෙන්නේ 





කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ව දින දෙකක් පමණක් රැස්වන පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව  නිවෙදනය් කරයි 


උදෑසන 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කර පැයක කාලයක්  මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු වන ගැටළු සදහා යොමු කර ඇත 


 සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක් වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05ක් ඇතුළු රෙගුලාසි කිහිපයක්  අනතුරුව විවාදයට ගැනීමට නියමිත අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට පැවැත්වීමට නියමිත වේ




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us