Helabima

ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළ බව ජනපති පිලි ගනී





එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සහ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර  අද පැවැත්වූ සාකච්චාවේ දී තමන් ජනතාවට දුන් පොරොන්දු  ඉටු කිරීමට කොරෝනා විශාල බාධාවක් වූ බව ජනපති පවසා සිටියේය 

ශක්තිමත් නොවන ආර්ථිකයක් ඇති ලංකාව බදු රටක් කොරෝනා හමුවේ මුහුණ දී ඇති ආර්ථික අභියෝග පිළිඹදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්චා වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසංගතය වෙනුවෙන් මෙරටට ලබා දෙන සහයෝගය ගැන ජනපති ස්තුති කළේය 


එන්නත්කරණය අතින් ලංකාව ලද ජයග්‍රහණය පිලිඹද ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා  ප්‍රශංසා කල අතර නොවැම්බර් මාසය  අවසනයට පෙර මෙරට අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් කරන බව ජනපති හෙළි කළේය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us