Helabima

ජනපති හදිසියේම රටින් පිට වෙයි





අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ මුලිකත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි ඇරඹීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරය සහභාගී වනු පිණිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව  ඇමරිකාව බලා ගියේය 

මෙය ගොටාභය රාජපක්ෂ මහතා මෙරටින් පිටදී විදේශ  සමුළුවක් අමතන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන මුල්ම අවස්ථාව වේ 

කොවිඩ් 19 - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම  මෙවර එක්සත්ජාතීන්ගේ සමුළුවේ මුලික තේමාව වේ .




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us