Helabima

ලොහාන් ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් වෙන දේ ගැන විමල් ගෙන් හෙළිදරව්වක්





මෙරට දේශපාලන සංස්කෘතියට නව මානයක් විවර කරමින් තමන් අතින් සිදු වූ වරද පිළිගෙන ලොහාන් රත්වත්ත මහතා ඉල්ලා  අස් වීම පිළිඹදව නව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා  මෙසේ පැවසිය 


වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’


එහිදී මාධ්‍ය වේදියකු ලොහාන් මහතා මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයෙන් ඉවත් නොවීම පිළිඹදව විමල් වීර වංශ අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු පැවසුවේ ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි යනුවෙනි  




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us