Helabima

පවිත්‍රා වන්නිආරච්චි හදිසියෙම රාගම රෝහලට





කොවිඩ් ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රාගම ශික්‍ෂණ රෝහලට අද (4) පැමිණියය 


එම  රෝහලේ  කොවිඩ් ආසාදිතයින් ධාරිතාව ඉක්මවායාම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බව සාමාජ මාධ්‍ය ජාලයන්හි පසුගිය දිනවල ප්‍රචාරය විය 


එසේ ප්‍රචාරය වූයේ රෝගීන් පළමුවරට ඇතුළත් කරන වාට්ටුවේ දර්ශන බව තමන් එහි ගිය අවස්ථාවේ දැනගත් බව කී අමාත්‍යවරිය කොවිඩ් රෝගීන් සිටින වාට්ටු සියල්ල එසේ නොමැති බව ද කීවාය

රාගම රෝහලට ඇතුළත් කරන කොවිඩ් ආසාදිතයින් පළමුවෙන් එක් වාට්ටුවකට ඇතුළත් කර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු කළ යුත්තේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුල ප්‍රතිකාර සේවා සදහා යොමු කරනවා ද යන්න තීරණය කෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍යවරිය සඳහන් කළාය.

සෙසු රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් සොයාබැලීමට ද තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us