Helabima

ඇස්ෆෝල්ට් කුමරිය පැහැරගනී





පැනමා ධජය යටතේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය දෙසට යාත්‍රා කරමින් සිටි  එම්.වී. ඇස්ෆෝල්ට් ප්‍රින්සස් නැමති නෞකාව ඕමාන් බොක්කේදී පැහැරගෙන තිබේ


පැහැරගත් සන්නද්ධ කණ්ඩායම නෞකාවේ කාර්ය මණ්ඩලයට, ඉරානය බලා නෞකාව යාත්‍රා කරන ලෙස නියෝග කර ඇති බව පැවසේ 

නෞකාව පැහැරගෙන ඇත්තේ කවුරුන් ද යන්න තවම නිශ්චිතව කිව නොහැකි නමුත් ඉරාන හමුදාව එය පැහැරගන්නට ඇතැයි නාවික නිරීක්ෂක සංවිධානයක් සැක පළ කළ ද
ඉරාන හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ

මෙම සිදුවීම සිදුවන්නේ ඊශ්‍රායලයට අයත් තෙල් නැවකට ඕමානයේදී ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී සතියකටත් අඩු කාලයකදී ය.

එම ප්‍රහාරයෙන් නෞකාවේ සිට බ්‍රිතාන්‍ය සහ රුමේනියානු ආරක්ෂක භටයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us