Helabima

මාස්ක් ඉවත් කල ඇමරිකාව සිටිය තත්වෙටම අද වැටේ ?





සති කිහිපයකට පෙර ඇමරිකාවේ මුව ආවරණ පලදීම කැමති නම් පමණක් සිදු කරන ලෙස දැනුම් දුන් අතර මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන නව ආසාදිතයින්ගෙන් 80% ක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය අස්සදිත බව හදුනාගෙන ඇත 

ඒ අනුව අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ අමෙරිකානුවන් පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවත් පාසල් දරුවන් හා ගුරුවරුන් ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවත් ය 

එවැනි තත්වයක් තුළ මුව ආවරණ පැළඳීම හා ශීඝ්‍ර එන්නත්කරණය තුළින් සංචරණ සීමා හා ලොක්ඩවුන් තත්ත්වයන්ට නැවත යොමු නොවීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දෙයි.

ඔහු පැවසුවේ යළිත් පෙර තත්ත්වය රට පත් නොකළ යුතු බවයි.

අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,166 කි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් 35,353,923 දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 6 27,338 කි


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us