Helabima

කොරෝන එන්නත් ගන්න අයට ඇමරිකාවෙන් ලැබෙන තෑග්ග





 අමෙරිකාව තුළ බොහෝ පිරිසක් එන්නත තවමත් ලබාගැනීමට මැළිකමක් දැක්වීම හේතුවෙන්  අලුතෙන් එන්නත ලබාගැනීමට පැමිණෙන සෑම අයෙක්ටම ඩොලර් 100 බැගින් ලබාදීමට කටයුතු කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රාන්ත බලධාරීන්ට යෝජනා කර ඇත

එරට මිලියන 2ක් පමණ වන ෆෙඩරල් සේවකයින් අනිවාර්යයෙන් එන්නත ලබාගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ඔවුන් සන්තකයේ තබාගැනීම වැදගත් බවය.

එසේ සාක්ෂි ඉදිරිපත්කිරීමට අසමත් වන පුද්ගලයින් කොවිඩ් වෛරසය ආසාදිත ද නැද්ද යන්න හඳුනාගැනීම සඳහා අනිවාර්ය පරීක්ෂණ සඳහා යොමුකෙරේ.

මේ වනවිට අමෙරිකානු ජනගහණයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ 50% ක් පමණි.

එරට ජනගහණය මිලියන 330කට ආසන්නය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us