Helabima

රට විවෘත කරන්න සුදානම් වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්





ලංකාවේ සෞඛ්‍ය පද්ධති අඩපන වීමේ අවදානමක් පවතින බව  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින  අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල විනය ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

මේ වන විට මෙරටට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 308,839ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,441ක් වේ.

ජුලි මාසයේ දින 30 තුළ පමණක් කොවිඩ් මරණ 1,321ක් සිදුව ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් බව වාර්තා වේ.

ඒ අනුව ගත වූ ජුලි මාසයේ දෛනිකව කොවිඩ් මරණ 44ක් පමණ සිදුව තිබේ.

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,177 දෙනෙකු හදුනාගත් අතර ඉන් 27 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් වේ







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us