Helabima

ලංකාවේ කනිජ තෙල් ගොඩගැනීම ඇරඹීමට මුලික කෙටුම්පත් සැකසේ





1950 දශකයේ සිටම ලංකාවේ මුහුදු පතුලේ තෙල් හා ගෑස් නිධි ඇති බවට අනාවරණය වී තිබු අතර  මන්නාරම් ද්‍රෝණියේ පමණක් ඩොලර් බිලියන 240 ක වටිනාකමින් යුතු තෙල් හා ගෑස් සම්පත් පවතින බව තහවුරු වී ඇත. එහෙත් වසර 70කට ආසන්න කාලයක් ගතවුවද මේ මහා සම්පත ගොඩ ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබි නැත

එයට ප්‍රධානතම හේතුවක් වන්නේ විදෙස් ආයෝජකයන්ගේ  ආයෝජන සුරක්ෂිත කරන නීතිමය රාමුවක් සහ ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසා විදෙස් ආයෝජකයන් නොපැමිණීමයි 


ඒවා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම, ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නවීන ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුළින් දේශීය ඛනිජතෙල් සම්පත් වලින් උපරිම ආර්ථික වටිනාකමක් ලබාගැනීම යන අරමුණු ඇතිව ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත 2021 ජූලි මස 27 වන දින ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් කර්මාන්තය ආරම්භ කිරීම සදහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සහ දිරිමත් කිරීම මෙම ඛනිජතෙල් සම්පත් පනත හරහා සිදුවනු ඇත.

2021 ජූලි 27 වන දා සිට අදාළ පනත් කෙටුම්පත මහජනතාවට අධ්‍යනය කළ හැකි අතර අගෝස්තු 17දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අගෝස්තු 18 වනදා බලශක්ති අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත සැප්තැම්බර් මුල් මස තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිතය. එය සම්මත කර ගැනීමෙන් පසු ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අධිකාරියක් බවට පත් වන අතර ඛනිජතෙල් සම්පත් උපදේශක සභාව මෙන්ම ජාතික තෙල් සහ ගෑස් සමාගම ද බිහි වනු ඇත.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us