Helabima

PHI ට උදලු පහරක්





 මුව ආවරණයක් නොපැළඳ සිටී අයෙකුට  එය පළඳින ලෙසට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක්  දුරදිග ගොස්  වාලච්චේන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට උදැල්ලකින් පහර දී ති බේ 

බරපතල තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.

සෞඛ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට පහරදීම, අඩන්තේට්ටම් කිරීම මෙන්ම සාපරාධී බලහත්කාරය පෑම යන කරුණු සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මෙම පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටි


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us