Helabima

ඉන්ධන ජාවාරම හෙළි කර ගත් STF මෙහෙයුම






වේයන්ගොඩ පොලිස් වසමේ වදුරව දුම්රිය පොළ ආසන්නයේ  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදු කල වැටලීමකින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලබන ආයතනයන්ගෙන් දීර්ඝ කාලයක සිට ඉන්ධන සොරා ගත් ජාවාරමක් සිදුකල  පුද්ගලයින් 7දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත 


අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25, 24, 40, 47, 46, 50 යන වයස්වල පසුවන ඌව පැල්වත්ත, කඩවත, වේයන්ගොාඩ, බණ්ඩාරගම, දෙහිඅත්තකණ්ඩිය හා මාතර පදිංචිකරුවන් ය.

මොවුන් චීන සමාගමක් මඟින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා යොදවා ඇති වාහනවලින් ඉන්ධන ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණය වී තිබේ.

සැකකරුවන් සමඟ ඉන්ධන පුරවන ලද බවුසරයක් හා තවත් ට්‍රක් රථ 5ක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතු ජංගම දුරකථන 8ක්, රුපියල් 42,200ක මුදලක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් හා අත්අඩංගුවට ගත් භාණ්ඩ වේයන්ගොඩ පොලීසියට භාර දීමට කටයුතු කර තිබේ







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us