Helabima

මහමග ඇද වැටි මිය ගිය පුද්ගලයාට කොවිඩ්





යාපනය ශික්ෂණ රෝහලට රෝගියෙකු බැලීම සඳහා යතුරුපැදියක යමින් සිටි යාපනය උරුම්පිරාය් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (31  අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අතර එම පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

යතුරුපැදියක යමින් සිටියදී මෙම අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් අතර පසුව සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මිය ගිය පුද්ගලයාට කොරෝණා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරනය වීය.

මෙලෙස මිය ගිය පුද්ගලයාට කොරෝණා වයිරසය අසාදනය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ඔහුගේ පවුලේ ඥාතීන් මේ වන විට නිවෙස් තුලම නිරෝධායනය කොට මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නීතින් වලට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us